රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ධ කතිකාචාර්ය සුරංජිත් ගුණසේකර සමග කළ සාකච්ජාවක් ඇසුරින්

ලංකාව මේ ‍මොහොකේ පසු කරන්නේ පශ්චාත් යුද අවස්ථාවක් විශේෂයෙන්ම යුද්ධය විසින් සියලු සමාජ සංස්ථාවන් විනාශ කිරීම නිසා වෙන් තවමත් සමාජ ආර්ථික සංස්කෘතික වියමන් විකෘති මට්ටමකට පැවැතිම ය. යුද්ධය විසින් නිර්මාණය වන්නට බලපාපු එක සිද්ධියක් තමයි මේ රටේ ජනවාර්ගික වශයෙන් පැවැති දුක්ගැනවිලි.මේ තුළින් සිදු වි ඇත්තේ දේශපාලන ව්‍යපාරවලට තමන්ගේ අනන්‍යතා දේශපාලනය කර ලැබෙන ඉඩකඩ පවතී ම ය. මේ විදිහට දෙමළ සමාජය තුළින් නිරන්තරයෙන් මතුවී පැමිණි දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබඳ සාකච්ජාවට යම් කිසි උත්තරයක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා ආමන්ත්‍රණය කිරීමට සිදු වන්නේ.

අනෙක් පැත්තේ අපි අද තවමත් පාලන ව්‍යුහය වෙනු වෙන් යොදා ගන්නා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිතියට උඩින් පුද්ගලයෙකු තබා ඇති බව පැහැදිලියි.ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන ආකාරයට මට තෝර ගන්න තිබුණු හොඳම පුද්ගලයා යටතේ පාලනය වෙන්න නැති නම් තවමත් තෝරා ගැනීමක් යටතේ ව්‍යවස්ථාවක් යටතේ පාලනය වන්න අදහස් දෙක තුළ දී මම තෝරා ගන්නේ හොඳම පුද්ගලයා යටතේ පාලනය වන එකට වඩා යම් කිසි මුලික නිතියක් යටතේ තිබෙන පාලන ක්‍රමවේදයක් සහිත රාජ්‍ය ක්‍රමය ජිවත්විමට වඩා කැමැති බව ඔහු දක්වයි.මේ තුළින් රටක ව්‍යවස්ථාවක ඇති වැදගත්කම පැහැදිලි වේ. මේ නිසා 78 ව්‍යවස්ථාව හරහා කිසියම් විධියටක නිතිය කැඩිමක් දැකගත හැකි වෙනවා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම තුළින් නිතියේ ආධිපත්‍ය තහවුරුවන ආකාරයක් දැකගත හැකියි.

ලංකාවේ රාජ්‍ය යනු යටත් විජිත යුගයෙන් අනතුරුව ඉතාමත් ත්‍රස්ත්‍රවාදි රාජ්‍යයක්.මන්ද ලංකා‍ ඉතිහාසයේ අවස්ථා දෙකක දි 71,89 අවස්ථාව අනෙක උතුරේ හා නැගෙනහිර 83 පසු කාලයේ දි ඇති වු තරුණ හා බෙදුම්වාදි ප්‍රවණතාවයන් පෝෂණ කළ රාජ්‍යයක්.මේනිසා පුරවැසියන් අයිතින් උදුරා ගත්ත රාජ්‍යයක් . මේ නිසා මේ රාජ්‍ය තුළ අනිවාර්යෙන් ප්‍රතිසංස්කරණ කරා යා යුතුව පවතිනවා.ප්‍රජාතන්ත්‍රවාදි මාවතක් තුළින්. මේ නිසා නව ආණ්ඩුකම ව්‍යවස්ථාව තුළින් යම් ආකාරයෙන් ප්‍රවේශයක් ගැනිමේ හැකියාවක් පවතිනවා.

නිදහසෙන් පසුව රාජ්‍ය ගොඩනගන ලබන ක්‍රියාවලිය ගොඩනැගිමේ දී සුළු ජාතින්ගේ දුක්ගැනවිලිවල උත්තර සෙවිමට ගත් උත්සාහයන් තිබෙනවා. 1958 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම. ඒ ගිවිසුම යටතේ ක්‍රියාත්ම කිරීම උත්සාහ ගත්තේ රට සභා නැමැති ප්‍රාදේශිය බල බෙදිමේ ක්‍රියාවලියක්.ඒ සමාජ තත්ත්වය තුළත් ප්‍රභු භික්ෂුන් වහන්සෙලාගෙන් යම් කණ්ඩායමක් එක්සත්ජාතික පක්ෂය පවා සිය මතය බව පත් කළේ රට බෙදෙනවා කැඩෙනවා බව ප්‍රකාශ කරමින් විශාල ජනමතයක් ගොඩනැගිමක් සිදු කළා.ඒ අවස්ථාවේ දී බණ්ඩාරනායක අගමැතිවරයා ‍ ඒ ගිවිසුම ඉරා දැමිමට සිදු වුණා. පසුව 60 දශකය තුළ ඩඩ්ලි සේනානායක හා චෙල්වනායගම් නැවත උත්සාහ කළා සුළු ජාතින්ගේ දුක් ගැනවිලිවල උත්තරයක් ලබා දීම වෙනුවෙන්.නමුත් ඒ අවස්ථාවේ දී සිදු වන්නේත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පෙරටුකර ගත් වාමාංශික බලවේග ඊට විරුද්ධ වෙනවා. එහි අවසාන ප්‍රතිපළය වන්නේ 70 දී සමගි පෙරමුණ බලය දිනා ගැනිමයි. නැවත ඉන්දියානු මැදිහත්වීම යටතේ මීට උත්තරයක් ලෙස ප්‍රමුඛව දකින්න ලැබෙන්නේ 1987 දී ඉන්දු ලංකා ගිවිසුම හරහා 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට පත් කරලා පලාත් සභා ක්‍රමය.ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමෙන් ලබා දෙන්න උත්සා කළේ දිස්ත්‍රික් සභා ක්‍රමයක්.නැවත රට සභා දෙන්න උත්සාහ කළා නමුත් මේ නව සංශෝධන යටතේ ඊට වඩා බලය බෙදිමේ තත්ත්වයකට ව්‍යවස්ථාව තුළින් සිදු වුණා. මේ අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණ දෙවන කැරැල්ලට ප්‍රවිශ්ට වෙන්නේ. මෙහි දී සිදු වන්නේ ඉන්දු ලංකා ගිවිසුම,පලාත් සභාව විරුද්ධව මේ සටහන ආරම්භ විය.චන්ද්‍රකා මැතිණියගේ කාලේ පැකේජයට රනිල් වික්‍රමසිංහ ඇතුළු අය විරුද්ධ වුණා.අද තත්ත්වය ‍මීට සමානව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ප්‍රභු භික්ෂු බලවේ රට කැඩෙනවා බුද්ධාගම නිසි තැන නැහැ ආදි වශයෙන් විවිධ සටන් පාධ කියමින් සිය දේශපාලන බලව්‍යපෘතිය ජය ගැනීම වෙනු වෙන් කටයුතු කරන ආකාරයක් දැකගත හැකි ය.නමුත් ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ එක මතයක පැමිණිලා තිබෙනවා මෙය ඉතාම හොඳ අවස්ථාවක්.සියුම්ව පරික්ෂා කර බැලිමේ දී 58,66,87,2000 යන මේ දේශපාලන අවදින් වල දී දකින්න ලැබෙන්නේ මහා ජාතියේ අවේදනයන් තමන්ගේ දේශපාලන බල ව්‍යපෘතිවලට අයෝජනයක් ලෙස ගැනිමක් විධියට සැලැකිය හැකි.රාජපක්ෂ ආණ්ඩු කාලයේ තිස්ස විතාරණ කමිටුවෙන් යෝජනා කළා මිට වඩා බල බෙදිමේ යෝජනාවක් සිදු වෙනවා. අද ජි .එල්.පිරිස් මහතා විරුද්ධ වෙනවා එදා 2000 දි පැකේජය නිර්මාණය කළේ එතුමා. එහි සිදු වුණේ ලංකාව අන්තර් කලාපිය රාජ්‍යයක් විධියට පත් කරලා මීට වඩා විශාල බලය බෙදීමට ගමන් කිරීමට. මේ හරහා සිදු වන්නේ ෆෙඩරල්,බුද්ධාගමට සුදුසු තැන නැහැ ආදි කියමින් සිදුවන්නේ සිය බලව්‍යපෘතිය ශක්තිමත් කර ගැනිමට උත්සාහයක්.මේ නිසා ඉතිහාසය පුරාම සිදුවී ඇත්තේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ,නිදහස යන කාරණා ගැන නොසිතා කටයුතු කිරීමක් විධියට සැලැකිය හැකිය.

මෙහි දී දේශපාලනිකව කියන ‍ෆෙඩරල් වෙනවා කියන කාරණය දේශපාලන බලව්‍යපෘති මිස මම විශ්වාස කරන විධියට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.මේ මහජන අදහස යෝජනවා තුළ දියුණු මුලික අයිතිවාසිකම් යෝජනාවක් ඇතුළුත් කර ඇත. වැඩිහිටි සමාජයේ සිට පාරිසරික අයිතිවාසිකම් දක්වා පුරවැසියාට තිබෙන අයිතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම තහවුරු කර තිබිම වැදගත්. මේ තුළින් දියුණු සමාජයක් වෙත ගමන් කිරීමේ දි පුරවැසි‍යාගේ අයිතින් පිළිබඳව තහවුරු කර තැබිම ඉතාමත් වැදගත්.බොහෝ දෙනා අද විරුද්ධ වී ඇත්තේ මේ යෝජනා මාලාව නොකියවිම හේතු කර ගෙන.ඉතිහාස පුරා සකස් කළ ව්‍යවස්ථා පුද්ගල අභිමත හා දේශපාලන ව්‍යපෘතිවලින් සකස් කළ ව්‍යවස්ථාවක්. මේ ආකාරයෙන් දේශපාලන සංවාද තුළින් මහජන අදහස් ඇතුළත් කළ ව්‍යවස්ථාවක් ලෙස සැලැකිමට නොහැක. මේනිසා ඉතාම දියුණු ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයක් යටතේ මේ ව්‍යවස්ථාව සකස් කිරීම වෙනු වෙන් ගනු ලබන උත්සාහ ඇගයිමට පත් කළ යුතු තත්ත්වයක්.