නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සමාජ හා දේශපාලන කතිකාවත ආරම්භ වූ දා සිට බලය බෙදීම සම්බන්ධයෙන් විවිධ මට්ටමින් සාකච්ඡුා සිදු විය. ඇතැම් විවේචන බලතල බෙදීමේ සාධනීය හා නිශේධනීය පැති සාකච්ඡුා කිරීම වෙනුවට පටු දේශපාලන භාවිතයන් මුල් කරගත් ඒවා බවට පත්ව ඇත. කෙසේ නමුත් නව ව්‍යවස්ථා යෝජනාවලියෙන් බලය බෙදීම පිළිබඳව වැදගත් යෝජනා ගණනාවක් දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කර තිබීම බලය බෙදීම හා ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ධනාත්මක ප‍්‍රවණතාවක් මතු කරන්නට හේතු වී තිබේ.

ජනතාවට සාධාරණයක් නොකළ වර්තමාන බලතල බෙදීම

ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දීම මෙන්ම බලය විමධ්‍යගත වීම සාර්ථක නොවීම නිසා සුදු අලීන් බවට පත්ව ඇතැයි චෝදනා එල්ල වන පළාත් සභා සම්බන්ධයේන් ද නැවත විශ්ලේෂණයක් කිරීමට කාලය එළැඹ තිබේ. උතුරේ පමණක් නොව දකුණේත් බලතල බෙදීම සාර්ථක එකක් නොවන නිසා සියලූ දෙනාගේ එක`ගත්වය පරිදි මීට වඩා ප‍්‍රතිඵලදායී බලය බෙදීමකට යා යුතුව තිබෙන බව පක්‍ෂ විපක්‍ෂ බොහෝ දෙනා මතු කරන අදහසයි.

වසර විස්සක් පුරා දහතුන් වන සංශෝධනය අසම්පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීම මෙම ආකෘතියෙහි නිර්මාණ දෝෂයක් බව හඳුනා ගැනීමට හැකි විය.පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල සහ කාර්යයන්, මූල්‍ය සහ මුදල් ව්‍යුහය, ජාතික ප‍්‍රතිපත්ති වගන්තිය සහ සමගාමී ලැයිස්තුව මීට ඇතුලත් විය. වරින්වර බලයට පැමිණි සියලූ ආණ්ඩු මෙන්ම ඉහළ නිලධාරී තන්ත‍්‍රය හා අධිකරණය ද බලය බෙදීම විෂයයෙහි අනුගමනය කරන ලද පසුගාමී හා මසුරු ප‍්‍රතිපත්තිය කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කිරීමට නොහැකි වූ අතර දෙමළ ජාතිකවාදී පක්ෂ විසින්් වඩාත් මූලික වූ දේශපාලන කරුණු මත 13 වන සංශෝධනය ප‍්‍රතික්ෂේප කිරීම ද මෙම තත්ත්වය වඩාත් උග‍්‍ර කරවන්නක් විය.

මධ්‍ය හා පර්යන්ත සබඳතා පිළිබඳ කමිටුව

මෙහෙයුම් කමිටුවට සහාය වීම පිණිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටු හයට මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය සහ මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධතා යන විෂයයන් හය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බලය පවරන ලදී.

මධ්‍ය පර්යන්ත සබඳතා යන විෂය සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ බලය බෙදා හැරීම පිළිබඳ කරුණු බොහොමයක් සාකච්ඡුා වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශද ඉදිරිපත් වී ඇත. කාරක සභාව ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ විශේෂඥයින් සහ අනෙකුත් ආරාධිතයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහෝ විධිවිධාන විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 13 වන ව්‍යවස්ථා සංශෝධනය හා අදාළ පාර්ලිමේන්තු පනත් මෙරට වෙනත් පළාත් සභාවල සුමට කි‍්‍රයාකාරීත්වයට බාධාවක් වන බව කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එම වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇති අන්දමට අර්ථාන්විත බලය බෙදීමකට ඇති ප‍්‍රධාන බාධාව වන්නේ 13 වන සංශෝධනය බාධක සහිත රාමුවක කි‍්‍රයාත්මක වීමත් පළාත්වලට වෙන් කර ඇති විධායක හා ව්‍යවස්ථාදායක බලය කි‍්‍රයාත්මක කිරීමේදී ඇති ව්‍යවස්ථාමය අර්ථ ව්‍යාකූලභාවයත් විධායක බලය කේන්ද්‍ර කරන බලවත් විධායක ජනාධිපති ක‍්‍රමයත් සහ සීමිත ෆිස්කල් බලය ලෙස දැක්විය හැකි බවයි.
තවද මෙම ව්‍යවස්ථා යෝජනාවලියේ විශේෂත්වය වනුයේ රට බෙදෙන අන්දමේ යෝජනා ගෙන ආ නොහැකි බවට ප‍්‍රතිපාදන ඇතුළත් කර තිබීමය. පවතින 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ එවැන්නක් අන්තර්ගත වී නැත.

බලය බෙදීම සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂවල ස්ථාවර

එක්සත් ජාතික පක්‍ෂය කිසි විටෙකත් ජාතිවාදී ස්ථාවරයක නොසිටින පක්‍ෂයක් බවත් ජනවාර්ගික ගැටළුවක් ඇති නොවන අන්දමින් ඒකීය රටක් තුළ බලය බෙදීමකට යා යුතු බව පක්‍ෂයේ ස්ථාවරය වී ඇති බවත් සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

‘‘සුළු ජාතීන්ට දෙන බලය පුළුවන් තරම් අඩු කරන්න හදන ස්ථාවරයක තමයි ඒකාබද්ධ විපක්‍ෂය ඉන්නෙ. අපි එවැනි ස්ථාවරයක නැහැ. එක්සත් ජාතික පක්‍ෂය කියන්නෙ රටේ අනෙකුත් පළාත්වලට දෙන බලතල උතුරු නැගෙනහිරටත් දෙන්න කියලයි. දෙමළ ජාතික සන්ධානය වගේම බොහොමයක් පක්‍ෂ බලය බෙදීම ගැන සුබවාදී ස්ථාවරයන්වල ඉන්නවා. ඒක යහපත් ප‍්‍රවණතාවක්.’’

ඒකීයත්වය ආරක්‍ෂා කර ගනිමින් බලය බෙදීමකට එදා සිටම එක`ග වී සිටි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කරයි.

‘‘දැනට අලූත් ව්‍යවස්ථා මට්ටමින් කතා කරන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ බලය බෙදීම සඳහායි. අපි ඊට එක`ගයි.’’

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රට බෙදන ආණ්ඩුවේ ද්‍රෝහී කි‍්‍රයා පිළිවෙතට ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය පළ කරන බවයි.

‘‘ඒකීය රාජ්‍ය, සම්බුද්ධ ශාසනය, විධායක ජනාධිපති ධුරය, ජාතික ආරක්‍ෂාව, පාර්ලිමේන්තුවේ බලය සහ උතුරු නැගෙනහිර එකතු කිරීම වැනි රටට හානි කරන බරපතළ කාරණා ඒකාබද්ධ විපක්‍ෂය විදිහට අපි ප‍්‍ර‍්‍රතික්‍ෂේප කරනවා.’’

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී 13 වන සංශෝධනයේ සීමාවන් වෙනස් කරමින් බලය බෙදීමට ජනතා විමුක්ති පෙරමුණ එක`ග බව ප‍්‍රකාශ කළේ ය.

‘‘පළාත් සභා ක‍්‍රමය ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. වසර ගණනාවක් ගත වුණත් පළාත් සභාවලින් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලැබුණෙ නැහැ. එම නිසා අපි ප‍්‍රතිපත්තියක් විදිහට පළාත් සභා ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් හැටියට පිළිබඳව සැලකිල්ලට ගන්නෙ නැහැ. නමුත් දැන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යථාර්ථයේ ඒක තියෙනවා. එම නිසා එය ඉවත් කිරීම ලෙහෙසි නැහැ. එම නිසා පවතින පළාත් සභා ඇතුළෙ බල සීමාවන් එහාට මෙහාට කිරීමට අපේ එක`ගතාවය තියෙනවා. ෆෙඩරල් වැනි දෙයක් දැනට ඉල්ලන්නෙ නැහැනෙ. ආණ්ඩුකාරවරයාගේ බලතල වෙනස් කිරීම සමගාමී බලතල ලැයිස්තුවේ ඇතැම් විෂයයන් සංශෝධනය කිරීම ඉඩම් බලතල පොලිස් බලතල ලබා දීම ආදිය සම්බන්ධයෙන් සාකච්ඡුාවක් තිබුණත් ඒවා කරන්නෙ කොහොමද කියන එක ගැන අවසන් තීරණයක් නැහැ.

ෆෙඩරල් කියලා දෙයක් මේ යෝජනාවලියෙ ඇතුළත් වෙන්නෙ නැහැ. උතුරු නැගෙනහිර බෙදා වෙන් කිරීමේ වර්ධරාජා පෙරුමාල්ගේ කි‍්‍රයා කලාපය නතර කළේ ජනාධිපති පේ‍්‍රමදාසගේ මැදිහත්වීමෙන් කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ජනාධිපතිට බලය තිබුණෙ නැහැ ඒක වළක්වන්න. පාර්ලිමේන්තුවට හදිසි පනතක් ගෙනාවකින් තමයි එම යෝජනාව විසුරුවා හැරුණෙ. මේ ව්‍යවස්ථා සංශෝධනය තුළම එහෙම යෝජනා ගේන්න බැහැ කියලා වගන්ති ඇතුළත් කරනවා. ඒ නිසා රට බෙදන්න බැහැයි කියන වගන්ති මේකට ඇතුළත් කරන්න කාගේත් එක`ගතාවක් තියෙනවා.’’

දෙමළ ජාතික සන්්්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබා සිටින අතර ෆෙඩරල් ක‍්‍රමයක් දක්වා ඔවුන් අපේක්‍ෂා කරන ඉහළම විසඳුම පිළිබඳව සඳහන් කරමින් 13 වැනි සංශෝධනය මුළුමණින් කි‍්‍රයාත්මක කිරීමට දකුණේ ප‍්‍රධාන පක්‍ෂ දෙක එක`ග නම් තම පක්‍ෂයද ඒවා සලකා බැලීමට සූදානම් බව පවසයි.

නව ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කි‍්‍රයාවලියට දෙමළ ජාතික සන්ධානය අවංක හැඟීමෙන් යුක්තව සහභාගී වී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි.

‘‘මේ රටේ තිබෙන පවතින වාර්ගිකත්වය හඳුනා ගැනීමට 1957 සිටම උත්සහයක් ගෙන තිබුණත්, අවාසනාවකට වගේ ඒවා සාර්ථක කරගැනීමට නොහැකි වුණා. බලය බෙදීමේ අවශ්‍යතාවය පිළිබඳව 1957 සිට වසර 30ට අධික කාලයක් තිස්සේම සාකච්ජා කරමින් සිටිනවා. 1987 දී පමණක් ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් යුතුව පළමුවරට බලය බෙදීමේ ක‍්‍රමවේදයක් මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන්නා. එතැන් සිට බලයට පත්වූ සෑම රජයක් විසින්ම ජාතික ගැටළුව ආමන්ත‍්‍රණය කිරීමටත් එයට අවසාන විසදුමක් ලබාදීමටත් පියවර ගත්තා.

ජනතාවගේ ස්වාධිපත්‍යයේ මුලධර්ම මත පදනම් වු සමාජ, ආර්ථික සංස්කෘතික හා දේශපාලනික කරුණුවලට අදාළ බලතල, මේ රටේ පුරවැසියන් වශයෙන් ජනතාවට භූක්ති විදීමට හැකි වන වැඩපිළිවෙළක් අපි අපේක්ෂා කරනවා. මෙම බලතල කිසිම ආකාරයකින් නැවත ලබා නොගත යුතු නැහැ..

උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ විශාල වශයෙන් දෙමළ කතාකරන ජනතාව සිටින බැවින් එම පළාත් දෙක එක් පළාතක් වශයෙන් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සම්බන්දන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. රට වෙන් කිරීම වළක්වාලන ආණ්ඩුක්‍‍්‍රම ව්‍යස්ථාමය සුරක්ෂිත තාවක් ඇත්නම්, මෙම පළාත් දෙක එක් කිරීම සම්බන්ධයෙන් බහුතර සිංහල ප‍්‍රජාවට බියක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

දෙමළ ජාතික සන්ධානයට වඩා වෙනස් මතවාදයක් දරණ උතුරේ දේශපාලන පක්‍ෂයක් වන ඊපීඞීපී පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා සඳහන් කළේ ස්ථාවර සංහිඳියාවක් රටේ ගොඩනැගිමට නම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම සාර්ථකව කළ යුතු බවයි.

‘‘දීර්ඝ කාලයක් තිස්සේ අපි අදහස් ඉදිරිපත් කරන්නෙ දැනට පවතින 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම කි‍්‍රයාත්මක කිරීමෙන් මේ කි‍්‍රයාවලිය පටන් ගන්න ඕනෙ කියන එකයි. එය කිිිිි‍්‍රයාත්මක කරගෙන යන විට සමාජයන් අතර ඇති වන විශ්වාසයන් පදනම් කරගෙන වැඩිපුර බලය විමධ්‍යගත කරන්න පුළුවන් වාතාවරණයක් උදා කරගන්න පුළුවන් කියන ස්ථාවරයෙයි අපි කටයුතු කරන්නෙ. වත්මන් අගමැතිතුමා වුවමනාවෙන් ඒ සඳහා කි‍්‍රයා කරමින් සිටින බව අපි විශ්වාස කරනවා. මෙහෙයුම් කමිටුව තුළත් අපි සාමාජිකත්වය දරණ නිසා එහි ඇත්ත නැත්ත මොකක්ද කියන එක ගැන අපේ අවධානයක් තියෙනවා.’’