(typographical errors to be corrected)

පසුගිය ජනපතිවරණයේදී මෛත්රීපාල සිරිසේන මහතා ජනපති කරවන්නටත් මහමැතිවරණයේදී යහපාලන ආණ්ඩුවක් පිහිටුවීමටත් ජනතාව ඡන්දය පාවිචිචි කළ එක් ප්රධාන කාරනයක් වූයේ නීතියේ ආධිපත්යය සුරකෙන,දියුණු මානාව හිමිකම් ප්රඥ්ඥපත්තියක් ඔස්සේ අයිතිවාසිකම් ආරක්ෂාවන,සෑම පුරවැසියකුටම ගෞරවනීය ජීවිතයක් ගතකරන්නට සමාජ පසුබිමක් සැකසෙන,ජාතීන් අතර සහජීවන බිඳී නොයන නව ව්යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට ජනපති හා අගමැති කළ ප්රකාශයන්ය.ජනතාවට ලබාදුන් පොලිරොන්දුව ඒ ආකාරයෙන්ම ක්රියාත්මක කරමින් නව ව්යවස්ථාවක් රටට හඳුන්වාදීම සඳහා රජය මුල පුරණු ලැබුවේ පාර්ට ඉතිලිමේන්තුව ව්යවස්ථා දායක සභාවක් බවට සියලු මන්ත්රීවරුන්ගේ කැමැත්ත මත පත් කිරීමෙනි.මෙරට ඉතිහාසයේ ප්රථම වරට මහජනතාව ව්යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙළ සඳහා සම්බන්ධ කර ගනිමින් මහජන අදහස් ලබා ගැනීම පිණිස රජය කමිටුවක් පත් කිරීම සාධනීය ලක්ෂණයකි.ඒ ඔස්සේ ලබාගත් අදහස්ද සමඟ අනු කමිටු හයක් ඔස්සේ කරුණු විශ්ලේෂණය කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථා සම්පාදක අනුකමිටුව මගින් අතුරු වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ඉදිරියේදී විවාදයට ගැනීමට නියමිතය.මේවන විට ව්යවස්ථාවක් කෙටුම්පත් හෝ නොකර ඇති බව අප තේරුම් ගත යුතුව තිබෙන අතර වඩා හොඳ ව්යවස්ථාවක් සකස් කිරීමේ ක්රියාවලියේදී මහජන නියෝජිතයින් අතුරු වාර්තාව සම්බන්ධයෙන් දක්වන අදහස් ඉතා වැදගත්ය.අතුරු වාර්තාව පදනම් කර ගනිමින් නව ව්යවස්ථාව රට බෙදන,බෞද්ධාගමට හිමි ප්රමුඛස්ථානය අහිමිකරන ලියවිල්ලක් ලෙස අර්ථකතනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදිය.එලෙස ප්රකාශ කරන පිරිස අතර සිටින සුළුතරයක්වූ මහ සංඝරත්නය සතුව පුළුල් දේශපාලන අවබෝධයක් නොමැති අතර එය දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්රියාත්මක වැඩපිළිවෙළක් ලෙස අර්ථ කතනය කිරීමේ වරදක් නොමැත.

ඕනෑම දේශපාලන සමාජයක ගතානුගතිකවාදී අතලොස්සක් සිටීම සාමාන්යය සංසිද්ධියකි.ව්යවස්ථාවක් එපා කියන මතවාදය සමාජ ගත කරමින් සිටින්නේ එම අතලොස්ස වන අතර ගරුතර සංඝරත්නයේ නියෝජනයක්ද ඒ තුළ දක්නට ලැබෙයි. ඉතා සුළු භික්ෂූන් වහන්සේ පිරිසක් එම මතවාදය පෝෂණය කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් එය සමස්ථ භික්ෂු මතය ලෙස උළුප්පා දැක්වීමට දරන උත්සහය අපි හොදින් තේරුම් ගත යුතුව ඇත්තෙමු.ප්රාදේශීය විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේ මේ පිළිබදව විරෝධයක් නොමැති අතර මල්වතු මහනායක ස්වාමින්ද්රයන් වහන්සේද රටට නව ව්යවස්ථාවක් අවශ්යය බව පිළිගෙන තිබේ.අස්ගිරි මහනායක ස්වාමින්ද්රයන් වහන්සේද ව්යවස්ථාදායක සභාවෙන් මහජන නියෝජිතයින් ඉවත්වීම එතරම් සුදුසු ක්රියාවක් නොවන බව ප්රකාශ කර තිබිණි.දේශපාලන සාක්ෂරතාව ගරුතර සංඝරත්නය තුළ එතරම් ඉහළට නොමැත.මේ නිසා ආණ්ඩුක්රම ව්යවස්ථාව යනු කුමක්ද එය සකස් වන්නේ කෙසේද එහි අන්තර්ගතය තුළින් ඒකීය භාවය හෝ සන්ධීය ක්රමයක් නිරූපනය වන්නේද පිළිබද නිවැරදි අවබෝධයකින් තොරව සංඝයා වහන්සේ අදහස් දැක්වීමට පටන් ගෙන ඇත. දේශපාලනික මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින සංඝයාවහන්සේ දෙතුන් දෙනකුගේ බල කිරීමට මෙම ව්යවස්ථා සම්පාදක ක්රියාවලිය අකුලා ගැනීම සාධාරණ තීරණයක් නොවන්නේය.ව්යවස්ථා සම්පාදන ක්රියාවලිය සංඝරත්තයේ විරෝධය හේතුවෙන් ක්රියාත්මක නොකර අතිමහත් සමාජයක් අර්බුදයක් වෙත තල්ලු කිරීමට වගකිව යුතු රජයකටද හැකියාවක්ද නොමැත.

නව ව්යවස්ථාවක් සකස් කිරීම සදහා රජයට ජනවරමක් නැතැයි නගන තර්කය පදනම් විරහිතය.පසුගිය ජාතික මැතිවයරණ දෙකකදී ජනතාව පැහැදිලි ජනනවරමක් මේ සදහා ලබාදී තිබේ.මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ව්යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාවක් පමණි.නව ව්යවස්ථා කෙටුම්පත් හෝ නොකර තිබෙන අවස්ථාවක රට බෙදෙන ව්යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවට නගන චෝදනා පදනම් විරහිතය.ව්යවස්ථාව කෙටුම්පත් වකරන අවස්ථාවේ ව්යවස්ථාවේ ස්භාවය පිළිබඳව සාකච්ඡා කළ හැකිය.අපට ඇති බරපතලම ප්රශ්නය වන්නේ 1832 කෝල්බෘක් කැමරන් ප්රතිසංස්කරණ ඔස්සේ අධිරාජ්යවාදීන් විසින් නිරිමාණ කරන ලද මධ්යගත යටත් විජිත ආණ්ඩුව කියන සංකල්පයෙන් ඔබ්බට ගොස් සිතන්නට නොහැකි වීමය.මෙම ගැටලුව බරපතල ලෙස පවතින්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු තුළය.ලංකාවේ ජනවාර්ගික උන්නාතිකාමී සියලු පක්ෂ වලට මෙම ගැටලුව තිබේ. එය එල්.ටී.ටී.ඊ සංවිධානයට මෙන්ම දකුණේ වර්ගවාදීන්ටද පොදු ප්රශ්නයකි.මෙය දෙපාර්ශවය එක හා සමානව බෙදා ගත් ආශාවකි.යටත් විජිත රාමු කට්ටුවෙන් ඔබ්බට ගොස් තීණ්දු ගැනීමට නොහැකි වීම තුළ එල්.ටී.ටී.ඊ යද අසාර්ථක ව්යාපාරයක් බවට පත්විය.සියලු බලය මධ්යගත කරගත් පාලනයක් ඇති කිරීම වෙනුවට එක් එක් ජනවර්ග වලට වෙනම පාලන බලයන් තිබිය යුතුය යන සිතිවිල්ල බටහිර යුරෝපා ධනවාදී ආකෘතියකි.එතැනින් විතැන්ව ගොස් නිර්මාණශීලී අදහස් ඇති දේශපාලන ප්රජාවක් ගොඩනැගීමට නොහැකිද යන ප්රශ්නය අප හමුවේ තිබේ.කෝල්බෘක්,කැමරන් විසින් අප කොටු කරන ලද රාමු කට්ටුවෙන් ඔබ්බට ගොස් බල හවුල්කාරී ආණ්ඩුවක් හදා ගැනීම අප හමුවේ පවතින අභියෝගයයි.බලය බෙදීම මෙන්ම බලය බෙදා ගැනීම කියන කාරණය දකුණේ ජාතී වාදීන් මෙන්ම උතුරේ ජාතීවාදීන්ද අර්ථ නිරූපනය කරනු ලබන්නේ එය බෙදී වෙන්ව යාම සදහා හේතුවන ක්රියාවලියක් ලෙසනි.බල හවුල්කාරීත්වය යනු බෙදී වෙන්වීමක් නොව එකම ආණ්ඩුකරණ ක්රියාවලියක් යන්න ජනසාමාජට කියා දිය යුතුය.එය ජනතාවට පැහැදිලි ලෙස කියා නොදීම බරපතල ප්රශ්නියකි.එක් අතකින් එය දේශපාලන කෛරාටික කමේ ප්රතිපලයකි.සියලුම දේශපාලනඥයින් ප්රශ්නය විසඳීමට ගතයුතු ක්රියාමාර්ග දැන සිටියත් ඔවුන් එය විවෘතව කතා නොකරති.ඊට හේතුව දේශපාලනික කුහකකම මිස වෙනත් කරුණක් නොවන්නේය.

අතුරු වාර්තාවේ සිංහල පිටපතේ එකීය වචනය තිබුණද ඉංග්රීසී පිටපතේ යුනිටරි වචනය නොමැති බවත් දෙමළ පිටපතේ ඇති වචනයෙන් ෆෙඩරල් ක්රමය අර්තගන්වා ඇති බවත් කියයි. නඅර්ථ වල එල්ලී ව්යවස්ථාවෙන් රට බෙදෙන බව සමාජගත කරන්නට යෑම වැරදිය.මෙම වචන සමඟ එකඟ වන්නට නොහැකි නම් ඒ වෙනුවට වෙනත් වචන එකඟතාවයකින් යුතුව සොයා ගත හැකිය. යටත් විජිත රාමු කට්ටුවෙන් ඔබ්බට ගිහින් හිතන්න නොහැකි බව මෙමඟින්ද ප්රදර්ශනය වෙයි. වචනය මත පදනම්ව හරඹ කර ව්යවස්ථාව හකුලා ගන්නට කීම සමාන කළ හැක්කේ බබා එක්ක වතුර බේසම විසී කිරීමකටය.සාධනීය ලක්ෂණ ප්රකට කරන්නාවූ දේශපාලන පක්ෂ කතා කළ යුත්තේ වචන සම්බන්ධ ගැටුම් පසෙක තබා ප්රධාන ක්රියාවලියට ජීවය දීමටය.ඒකාබද්ධ විපක්ෂය අද කතා කියන්නේ වතුර භාජනය එක්ක බබා විසි කරන ලෙසය.වචන වල එල්ලී නැති ප්රශ්න මතුකර කාලය නාස්ති කරනවාට වඩා වැදගත් වන්නේ දේශපාලන වශයෙන් බෙදී වෙනවී යාමේ ව්යාපෘති දුබල කරන වගන්ති ව්යවස්ථාවට ඇතුළු කිරීමට අදහස් හා යෝජනා දැක්වීමය.එවැනි යෝජනා පැමිණිය හොත් ක්ෂණයෙන්ම ඒවා අහෝසි වන ලෙස විධි විධාන ආණ්ඩුක්රම ව්යවස්ථාව තුළ සපයා ගත හැකිය.මෙම දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතුය.දෙමළ දේශපාලන අධිකාරිය මුල් කාලයේ ඉල්ලූ ෆෙඩරල් විසඳුම 1972 ජනරජ ව්යවස්ථාව සකස් කළ පසු වෙනම රාජ්යයක් ඉල්ලන තැනට තල්ලු විය.එබඳු වැඩපිළිවෙළකට තල්ලු වී තිබුණු දෙමළ ජාතික ව්යාපාරය අද වනවිට යූ ටර්න් එකක් ඔස්සේ හැරී එක්සත් ,ඒකීය නොබෙදිය හැකි වෙන්ව යා නොහැකි දේශපාලනයක් තුළ සාමාකාමී බලය බෙදා ගැනීමේ රාමුවක් තුළ එකට ජීවත් වීම සඳහා කැමැත්ත පලකර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන අනාගතය ගැන අවංකව සිතන්නේ නම් විධායක ජනපති ක්රමය අහෝසි කර අලුත් ආණ්ඩුක්රම ව්යවස්තාවකට සහයෝගය ලබාදිය යුතුය.එහෙත් ඔහු එසේ නොකරයි.තමන් වටා මාධ්යෙයන් පෙන්වන ආකාරයේ ජන බලවේගයක් නොමැති බව දන්නා මහින්ද දැන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන වංචා දූෂණ වලට නම ඈදුණු අය සමඟ එක්ව කේවල් කිරීම් තුළින් තමන්ගේ ප්රශ්න වලින් බේරී සිටීමට උත්සහ කිරීමයි.මහින්දලගේ මෙම කේවල් කිරීම ව්යවස්ථා සම්පාදන ක්රියාවලිය තුළත් දක්නට ලැබෙයි.මහ සංඝ බලවේග යැයි හඳුන්වා දෙන කණ්ඩායම් පසුගිය කාලය තුළ දේශපාලනික වශයෙන් ක්රියාත්මක වූයේ ඒකාබද්ධයේ රැකවරණ ලබමින් බව නොරහසකි.හිමිවරු කුලප්පු කරමින් යන දේශපාලනයට ඉදිරි ගමනක් නොමැත.බුදුන් වදාළ ධර්ම විනයට පටහැනි දේ අද ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් සිදුකරන ලබති.මුදල් එකතු කිරීමට වස්වසන කාල සීමාවේ පිණ්ඩපාතයේ වැඩම කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලනික අරමුණක් වෙනුවෙන් ක්රියාත්මකවූ එකකි.භික්ෂු සමාජයේ ඇතැම් කොටස් බුදුන් වදාළ ධර්මයට පටහැනිව ගොස් දේශපාලනික වශයෙන් ගැත්තන් මෙන්ම ඉත්තන් බවට පත්ව කටයුතු කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ.මහින්ද දේශණට යටත්ව ක්රියාකරන බවක් උන්වහන්සේලා තුළින් ප්රකට වෙති.දේශපාලනික වශයෙන් ගැති බවක් පෙන්නුම් කරන භික්ෂූන් මෙන්ම බුදුන් වදාළ මග ඔස්සේ වැඩම කරන අධ්යාත්මි වශයෙන් ජනතාව පෝෂණය කිරීමට වෑයම් කරන භික්ෂූන් වහන්සේලා අප හඳුනා ගත යුතුය.දේශනපාලනික වශයෙන් විවිධ තනතුරු හා වරප්රසාද ලත් දේශපාලඥයින්ගේ උපදේශකින් බවට පත්ව සිටි භික්ෂූන් තුළින් සාධාරණ විවේචන අපේක්ෂා කළ නොහැකිය.

ආගම විනාශ වන්නේ දේශපාලන රැකවරණ පැතූ විටය.බුදුන් තරම් ප්රගතිශීලී දේශපාලන අදහස් දරන ලද විසම්මුති අගය කරන ලද වෙනත් ආගමික ශාස්තෘන් වහන්සේලා සමඟ සාකච්ඡා කරන ලද විශිෂ්ඨ ගණයේ ආගමික ශාස්තෘන් වහන්සේ නමක් ලොව කොතනකවත් සිට නැත.ධර්ම විනය අනුව බුද්ධ ශාසනයට ප්රමුඛතාව දීම පිළිබඳ කිසිදු ප්රශ්නයක් නොමැත.ප්රශ්නය තිබෙන්නේ දේශපාලනික වශයෙන් හිතන භික්ෂූන් වහන්සේ පිරිසකගේ අදහස් අනුව බුද්ධාගම පෝෂණය කිරීම තුළය.එමගින් සමාජය තුළ විශාල ප්රශ්න ඇති විය හැකිය.දේශපාලනීකරණයවූ ආගමකට ප්රමුඛතාව දුන්නොත් ලේ හලා ගන්නා සමාජයක් බිහිවනු ඇත.බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිම බෞද්ධ සාරධර්ම අනුව රොහින්යා සරණාගතයින්ට පිහිට වෙමු කියා පවසා ඇත.බුදුන් වදාළ ධර්මය එයයි.උන්වහන්සේ බුද්ධ දේශනාව අනුව වෙනස් වීම යහපත් ලක්ෂණයකි.

අලුත් ව්යවස්ථාව ඔස්සේ ගෙන ඒමට අවධානය යොමුව තිබෙන ආණ්ඩුකුම ව්යවස්ථාවේ සාධනීය ලක්ෂණ පිළිබඳව සාමාන්යය ජන සමාජය දැනුවත් කිරීම ඉතා වැදගත්ය.ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව පවතින උනන්දුව අඩුය.මෙය බරපතල වරදකි.මෙම කටයුත්ත අද බාරගෙන වැඩ කරන්නේ දේශපාලන අවබෝධයක් නොමැති විශ්රාමික පිරිසකි.විශ්ව විද්යාල ආචාර්යවරු හා සිවිල් සේවක පිරිසක් මේ සම්බන්ධව කටයුතු කරමින් සිටියත් තවමත් මෙය දේශපාලන ව්යාපෘථියක් බවට පත්ව නොමැත.නව ආණ්ඩුක්රම ව්යවස්ථාව ගෙන එන්නේ කුමක් සඳහාද එහි අන්තර්ගතය තුළ ආවරණය වන්නේ කුමන ක්ෂේත්රද යන කරුණු සමාජය තුළ පුඵල් සංවාදයකට ලක් කළහොත් ජනතාව නියත ලෙසම මෙයට කැමැති වනු ඇත.පවතින ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ජනතාව අතර බෙදීම මතුව ඇත.සුඛිත මුදිත ජීවිතයක් පිළිබද බලාපොරොත්තු තියා ගැනීමට මේතුළ ඔවුන්ට අවකාශ නොමැත.ඇත්තෙන්ම මෙය සමාජය බෙදන ලද ව්යවස්ථාවකි.පුරවැසියකුට ගෞවරණීය ලෙස ජීවත් වීමට අවශ්යය අයිතිවාසිකම් සමුදාය පවතින ව්යවස්ථාව තුළින් ප්රදානය කර නොමැත.සකස් කිරීමට යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා තුළින් ජනතාවට දියුණු මානව අයිතිවාසිකම් ප්රඥප්තියක් හඳුනාවා දීමට අවශ්යය කටයුතු සම්පාදනය කර තිබේ. බලය අත්තනෝමතික ලෙස භාවිතය නතර කරන්නටත් යහපාලනය සුරක්ෂිත කරමින් නීතියේ ආධිපත්යය ආරක්ෂාවන ව්යවස්ථාවක් අපට අවශ්යය.දැන් පවතින්නේ නීතියේ ආධිපත්යය නොව නීතියෙන් පුරවැසියා මෙල්ල කරන බලහත්කාරයෙන් ඔවුන් යටපත් කර තබාගත හැකි ව්යවස්ථාවකි.මෙය යහපත් ජීවිතයක් ගත කරන්නට තරම් හොඳ ව්යවස්ථාවක් නොවන්නේ එබැවිනි.