2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්‍ෂයේ ප‍්‍රධානතම පොරොන්දුවක් වූයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. ඒ සඳහා ප‍්‍රමුඛතාවය ගනු ලැබුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිය.

2016 අප්‍රෙල් 05 වන දින පාර්ලිමේන්තුවක් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ අරමුණ ඇතිව ව්‍යවස්ථාමය සභාවක් බවට පරිවර්තනය විය.

නව ව්‍යවස්ථා සම්පාදන එකමුතුවේ සභාපති වන්නේ කථානායකතුමායි; අග‍්‍රාමාත්‍යවරයා විවිධ පක්‍ෂ නියෝජනය කරන සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වේ

මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය සහ සාමය, රාජ්‍ය මුදල්, රාජ්‍ය සේවා සහ මධ්‍ය හා පර්යන්ත සම්බන්ධතා යන ක්‍ෂේත‍්‍රරයන් යටතේ ව්‍යවස්ථා සම්පාදන කමිටුව තුළ උප කමිටු හයක් පිහිටුවා ඇත.

දශක ගනනාවක් තිස්සේ භේදකාරී පක්ෂ දේශපාලනයකින් පසුව, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ සුළුතර පක්ෂවල සම`ග සමඟ එක්ව කටයුතු කරයි.

මෙම සභාග ආණ්ඩුවේ සහයෝගීතාවයෙන් සකස් කරන ලද නව ව්‍යවස්ථාවක්, දිගු කාලීන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමය රට තුළ ස්ථාපනය කර ගැනීමේ බලාපොරොත්තුව පෙරදැරි කර ගත්තකි.

නව ව්‍යවස්ථාවේ ප‍්‍රධාන අංග පුළුල් ලෙස වර්ගීකරණය කළ හැකිය:

1. මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ
2. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම
3. බලය බෙදාහැරීම

රටක සැබෑ ප‍්‍රජාතාන්ති‍්‍රක ව්‍යවස්ථාවක් සැකසීමේ කි‍්‍රයාවලියකට පිවිසුණු ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර, සියලූ ජාතීන්ගෙන් සමන්විත මහජනයා ගේ අදහස් ද නව ව්‍යවස්ථා යෝජනාවලියට අන්තර්ගතයි.

මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා පත් කරන ලද මහජන නියෝජිත කමිටුව විසින් දිස්ති‍්‍රක්ක 25 ට ගියේය.

සැප්තැම්බර් මස 21 වන දින මෙහෙයුම් කමිටු වාර්තාවට අදාළව පූර්ව වාර්තාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

මෙහෙයුම් කමිටු වාර්තාව තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්‍ෂයකම අදහස් හා යොජනා ඇමුණුමක් ලෙස දක්වා ඇත.

දැන් මහජනතාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා ප‍්‍රතිචාර සහ නිර්දේශ සැපයීමට අවස්ථාවක් ලැබී ඇත.