දශක ගණනාවක් තිස්සේ පැවැති ආතතිය හා භේදභින්න වීම් ඉවත දමා, එකඟතාවක් ගොඩනගා ගැනීමේ අභිලාශයෙන් ඛෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමටත් එමෙන්ම ශී්‍ර ලංකාව තුළ වැඩිදුරටත් බලය ඛෙදීමකට ද සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (21) ප්‍රකාශ කළේය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සඳහා වන නෛතික ලියවිල්ල සාකච්ඡා කිරීම සඳහා පදනම් කර ගත හැකි අතුරු වාර්තාව බ්‍රහස්පතින්දා (21) සභාගත කරමින් මෙහෙයුම් කාරක සභාවේ සභාපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ ප්‍රකාශය සිදු කළේය.

මෙතෙක් කලක් අපව ගැටුම් හා දේශපාලනමය ප්‍රචණ්ඩත්වයේ දුෂ්ඨ චක්‍රයක සිරකර තබා ගනිමින් අපේ ආර්ථීක වර්ධනයට තර්ජනයක් වූ ඛෙදීම් හා දුරස්ථභාවයන් දුරු කරන පාලමක් සාදා ගැනීමේ මහඟ= අවස්ථාවක් අපට උදා වී තිඛෙන බව සඳහන් කළ අගමැතිවරයා ව්‍යවස්ථා මූලධර්ම සම්බන්ධයෙන් අප තුළ එකඟතාවක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිපය එකඟතාවක් ඇති කර ගැනීමට තිඛෙන හැකියාව අනුව රටේ අනාගතය තීරණය වනු ඇති බවත් මෙම අගනා අවස්ථාව අප අතරින් ගිලිහෙන්නට ඉඩ නොදිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අතුරු වාර්තාවේ පළමු පරිච්ඡේදයට, මෙහෙයුම් කමිටුවේ ප්‍රයත්නය පිළිබිඹු වන මූලධර්ම හා සූත්‍රයන් අඩංගු වන අතර ඒ මූලධර්ම හා සූත්‍රයන් පිළිබඳව මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් දැක්වූ නිරීක්ෂණ හා විවේචන දෙවන පරිච්ඡේදයට ඇතුළත් වී ඇත. මෙහෙයුම් කමිටු සාමාජිකයින්ගේ සියළු අදහස් මෙන්ම දේශපාලන පක‍ෂවල අදහස්ද ඇමුණුම් ලෙස මේ වාර්තාවට ඇතුළත් ය.

ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයේ වාර්තාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පළවන පරිච්ඡේදයේ සිට නවවන පරිච්ඡේදය දක්වා වර්තමාන ව්‍යවස්ථාවේ සඳහන් කරුණු නොවෙනස්ව පැවතිය යුතු බවත් ශී්‍ර ලංකා නිදහස් පක‍ෂය ඉදිරිපත් කර තිඛෙන සාධාරණ කොන්දේසිවලට එක`ග න‍න්නේ නම් ව්‍යවස්ථාවට තමන් සහාය පළ කරන බවද අමාත්‍ය නිමල් සිරිපාල මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මෙම වාර්තාව හරහා සමාජයට නිරාවරණය නොවුණු දේශපාලන ස්ථාවරයන් මොනවාද යන්න හෙළිදරව් වන බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු හය මගින් මෙහෙයුම් කමිටුව වෙත ලබා දී තිබුණු වාර්තාවල ඇතුළත් යෝජනා පිළිබඳව ප්‍රථම වරට නිල වශයෙන් අනාවරණය කෙරුණේ මෙම පූර්ව අතුරු කමිටු වාර්තාව මගිනි.

ආණ්ඩු ක්‍රමයේ යහපාලන වෙනස
දේශපාලන පක‍ෂ ස්ථාවරයන්

දේශපාලන පක‍ෂ ගණනාවක් මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට සංශෝධනවලට යටත්ව බොහෝ දුරට සහාය පළ කර තිබේ. එක්සත් ජාතික පක‍ෂය මෙම අතුරු වාර්තාවට කිසිදු ඇමුණුමක් ඇතුළත් කර නොමැති අතර තම පක‍ෂය වාර්තාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ තැනක පසු වන බව සභානායක ලක‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

zzඅපි ඉන්න සAථාවරය තමයි සියලූ දෙනාගේ එක`ගත්වය ලබාගත හැකි වන ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කළ යුතුය යන්න. මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වෙන්නෙත් එජාප නායක ගරු අගමැතිතුමායි. එම නිසා එතුමාට පැත්තක් ගන්න බැහැ එතුමා ඉන්නෙ මධ්‍යස්ථ තැනක. සුළු ජාතීන්ට දෙන බලය පුළුවන් තරම් අඩු කරන්න හදන ස්ථාවරයක තමයි ඒකාබද්ධ විපක‍ෂය ඉන්නෙ. අපි එවැනි ස්ථාවරයක නැහැ. එක්සත් ජාතික පක‍ෂය කියන්නෙ රටේ අනෙකුත් පළාත්වලට දෙන බලතල උතුරු නැගෙනහිරටත් දෙන්න කියලයි.ZZ

ව්‍යවස්ථදායකයෙන් 2/3ක් ලබා ගත හැකිද ?

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පසුව ඒ සඳහා 2/3 ක බහුතරය ලබා ගන්නේ කෙසේද යන අභියෝගය රජය හමුවේ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයකින් සම්මත කළ හැකි බව සියයට දෙසීයයක් විශ්වාස බවද කිරිඇල්ල ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට සිය ස්ථාවරය ප්‍රකාශ කළ හැකි වන්නේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක‍ෂය අතුරු වාර්තාවට එක`ග නොවන කරුණු මෙන්ම එමගින් වන හානිය පිළිබඳව වෙනම වාර්තාවකින් ඉදිරිපත් කර තිඛෙන බවත් ඒ අනුව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒකීය රාජ්‍ය, සම්බුද්ධ ශාසනය, විධායක ජනාධිපති ධුරය, ජාතික ආරක‍ෂාව, පාර්ලිමේන්තුවේ බලය සහ උතුරු නැගෙනහිර එකතු කිරීම වැනි රටට හානිකරන බරපතළ කාරණා ඒකාබද්ධ විපක‍ෂය ප්‍රතිෙක‍ෂAප කර ඇතැයිද ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ අන්තිම බස් එක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අනෙකුත් පක‍ෂවල ස්ථාවරයන් මෙන්ම ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයේ මතයද මෙම වාර්තාව තුළ ඇතුළත් කර තිඛෙන බව මෙහෙයුම් කමිටු සාමාජික අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. එමෙන්ම අපේ රටේ ව්‍යවස්ථාවක් සංශෝධනය කර ගැනීමට තිඛෙන අන්තිම බස් එක මෙය බවත් සම්පාදනය කර ගැනීමේ අවසන් බස් එක මෙය වන බවත් විශේෂයෙන්ම 2/3 ක පාර්ලිමේන්තු බලයක් තිඛෙන අවස්ථාවකදී සහ ප්‍රධාන පක‍ෂ දෙක එකතු වී සිටින අවස්ථාවකදී යම් යම් ප්‍රශ්න තිබුණද මේ අවස්ථාවේදී සියලූ බලය යොදවා සම්මත කරගත හැකි සියලූ සංශෝධන සම්මත කරගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය. ඇතැම් කාරණා සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළහොත් වහා සම්මත කළ හැකි සංශෝධන ඉක්මණින්ම සිදු කරගෙන අනෙක් සංශෝධන පසුව සිදු කරගත හැකි බව ශී්‍ර ලංකා නිදහස් පක‍ෂය පවසන්නේ ඒ නිසා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දෙමළ ජාතික සන්්්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබා සිටින අතර ෆෙඩරල් ක්‍රමයක් දක්වා ඔවුන් අපේක‍ෂා කරන ඉහළම විසඳුම පිළිබඳව වාර්තාවෙහි සඳහන් කරමින් එහෙත් අතුරු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට දකුණේ ප්‍රධාන පක‍ෂ දෙක එක`ග නම් තමන්ද ඒවා සලකා බැලීමට සූදානම් බව පවසයි.

දේශපාලන පක‍ෂවලට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවේචන තිබුණද ආණAඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව බරපතළ ගැටළුවක් නොමැති බැව් පැහැදිලිය. දේශපාලන පක‍ෂවල එක`ගත්වය තහවුරු කළ හැකි මට්ටමකින් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් වුවහොත් ඒ සඳහා ව්‍යවස්ථාදායකයේ සහාය මෙන්ම ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබා ගැනීම අපහසු නොවනු ඇතැයි ප්‍රධාන පක‍ෂ දෙක විශ්වාසය පළ කරයි.