‘‘17 වැනිදා හැන්දෑවේ කඩයට යන්න පාරට බැස්සා විතරයි. කන්ද ඉහළින් මහ සද්දයක ් ඇසුණා. ඒ පැත්තට හැරී උඩ බැලූවහම මහ පස් කන්ද වතුර පාරත් එක්ක වේගයෙන් පහළට එනවා දැක්කා. අපේ ගේ තිබුණු තැනවත් පෙනුණේ නැහැ. විනාඩි පහක්වත් ගියේ නැහැ සේරම ඉවරයි.’’

දිලීෂා අබේසුන්දර

අරණායක සාමසර කන්දේ නිවසක සිටි සිව් දෙනාගෙන් පණ බේරාගත ්එකම තරුණයා වන ඒ එච්. එස්. ශාන්ත කුමාර (30* සිය කතාව පැවසූයේ ඉකි ගසමිනි. ඔහ ුගේ වේදනාව තවදුරටත් තීව‍්‍ර කරලීමට හේතු වූ තවත් අතුරු කතාවක් ඔහ ු එහිදී හෙළිදරව් කළේ ය. දුම්පානයට පුරුදු වී සිටි ඔහ ු මවට පෙනෙන්නට කිසිවිටෙක දුම්පානය කර නොමැති අතර කඩයට යනවා යැය ි පවසමින් ඔහ ු නිවසින් පිටතට ගොස් තිබෙන්නේ දුම් වැටියක ් පානය කිරීම සඳහාය. එය ඔහ ුගේ හිතට වද දෙන කාරණයක් වී ඇති බව පැහැදිලිය. ඒ ආසන්නයේම හඬමින් සිටි තවත් කාන්තාවකි. ඇය ශාන්ත කුමාර තරුණයාගෙ ් නැන්දනියය ි. ‘‘මගේ අයියයි, නෑනයි, ඒ ගොල්ලන්ගෙ දුවගෙ දුවයි වැළලිලා.

ඉන්නෙ මෙතනම තමයි. ඊයෙ පෙරේදා ගේ හදලා කිරි අම්මාවරුන්ගේ දානයක ් දීලා ගෙදර පදිංචි වුණා විතරයි. හිතාගන්න බැහැ මෙහෙම දෙයක ් වුණාද කියලවත්. අයියලා මෙතනටවත් පැන ගත්තානම් බේරෙනවා. නන්දා අධිකාරී මහත්මිය සඳහන් කළේ මියගොස් සිටින තම සොහොය ුරා කඩුගන්නාව රෝහලෙ ් සේවය කරමින් සිටි බව ය. ‘‘අපි ආව වෙලාවට අක්කා කන්ද පෙන්නලා කියනවා නංගි ඔන්න බලන්න ලොක ු ගලක් තියෙනවා කියලා. හරියටම ගේ කෙළ ින් ලොකු ගලක් තිබුණා. අප ි කිව්වා මෙතන ඉන්න එක බය නැද්ද වැස්සොත්
මේකත් එයි කියලා. නැහැ නංග ි එහෙම ප‍්‍රශ්නයක් නැහැ කියලා අක ්කා යනවා. ඒ ගල තමයි ඇවිල්ලා අතන තියෙන්නෙ. ගේ සම්පූර්ණයෙන්ම වට වෙලා
තියෙන්නෙ ගල්වලින්.’’ එළඟප ිටිය පහළ ප‍්‍රදේශයේ තවමත් වැඩ නිමවා නැති සිල්ලර කඩයක් ඉතිරිව තිබුණි. එම කඩය පවත්වාගෙන ගිය පී. ජී. නිමල් රත්නසිරි මහතා ඇතුළු ඔහ ුගේ පවුල මෙම නාය යාමෙන් දිවි ගලවා ගැනීමට සමත්ව සිටියි. එහෙත් ඔහ ුගේ නිවස පස් කඳුවලට යට වීමෙන් මුළුමනින්ම විනාශයට පත්වී ඇත. ඔහ ු 17 වැනිදා සිද්ධියෙ ්අත්දැකීම විස්තර කළේ ය.

‘‘හවස පහයි කාලට විතර ගුවන ්යානයක ් එනවා වගේ අම ුතුම සද්දයක ් ආවා. සද්දෙත් එක්ක මේ හරියටම ගල් විසිවුණා. මම දුවලා ගිහින් ගෙදර හිටපු ළමයිව අරගෙන පන්සලට ගියා. විනාඩි 5 ක් විතර යද්දි සේරම ඉවරයි. කන්දෙ සද්දෙ ?ත් ආවා. පල්ලෙහා හරියෙ ගෙවල් 15 ක් විතර තිබුණා. උඩහ පැත්තේ ගෙවල් 150 කට වඩා තියෙන්න
ඇති. වෙල් යායවල් වල එහෙම පිටින්ම තිබුණෙ පස් කඳු. එදා වැස්ස නිසා මීදුම තිබුණා. ඉස්සරහා ඇළ වැහුණු නිසා මේ පැත්තෙන් ඇළ ආවා. අපේ තාත්තලා අවුරුදු 70 කට වඩා මෙහෙ ඉඳලා තියෙනවා. දැන් අප ි ඉඳලත් අවුරුදු 40 කට වඩා වැඩියි. ඒත් කවදාවත් මෙහෙම විපතක් සිද්ධ වෙලා නැහැ. ඒ වෙලාවෙ කඬේ හිටපු අයගෙ ගෙවල් තුනක ් විතර යට වෙලා තිබුණා. ඒගොල්ලො ගිහින් බලද්දි කිසිම දෙයක ් නැහැ. දැනුවත්ව ඒ අයගෙ පවුල් තුනක නව දෙනෙක් විතර යටවෙලා.’’ මීරියබැද්ද නාය යාමෙන් අනතුරුව විශාල ජීවිත හානියක ් සිදු කළ ඛේදවාදකය වන්නේ අරණායක සාමසර කන්දේ නාය යාමයි.

ගම්මාන 3 ක පවුල් 220 ක් පස් කන්දට යට වී ඇතැයි ශී‍්‍ර ලංකා රතු කුරුස සංවිධානය පවසයි. හමුදාව මගින් සිදු කෙරුණු මෙහෙයුම්වලදී මළසිරුර 35 ක් සහ තවත් සිරුරු කොටස් සොයාගත් බව හමුදාව පවසන අතර මේ වන විට මළ සිරුරු 37 ක් හමු වී තිබෙන බව ශී‍්‍ර ලංකා රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. තවත් සියයකට අධික පිරිසක් අතුරුදන්ව සිටිති. යුද හමුදා සාමාජිකයො ් කණ්ඩායම් කිහ ිපයක් ලෙස අතුරුදන් වූවන් සෙවීම සඳහා විවිධ ස්ථානවල සෝදිසි මෙහෙයුම්වල නිරත වෙමින් සිටිති. සාමසර කන්ද තවදුරටත් නාය යාමට ඉඩ තිබෙන බවත් දිනපතාම වරින්වර වැසි ඇද හැලෙන නිසා නාය ගොස් තිබෙන පස් කඳු ඉවත් කිරීම අසීරු සහ අවදානම් කටයුත්තක ් බවට පත්ව ඇත. එහෙත ් හමුදා සාමාජිකයො ් පවතින අවදානම්සහගත තත්ත්වය යටතෙ ් වුවත් සිරුරු සෙවීමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු කරමින් සිටිති. ඒ ඉකුත් 20 වෙනිදා අප දුටු දේ ය.

අරණායක මේ වන විට අවතැන ් කඳවුරු 19 ක් තිබෙන අතර එම කඳවුරු පුද්ගලයින් 4097 ක් සිටින බව රතු කුරුස සංවිධානය සඳහන් කළේය. එම කඳවුරු පාසල්වල සහ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබයි. දික්ප ිටිය රාජගිරිය මහා විද්‍යාලයෙ ් අවතැන් කඳවුර වෙත අප ගිය අවස්ථාවේ අවතැන් පවුල් 85 ක්, පුද්ගලයින් 358 ක් ද සිටි අතර එහි අවුරුදු 5 ට අඩු ළමයි 19 දෙනෙකු අවුරුදු 5 – 16 අතර දරුවන් 70 ක් ද සිටියහ. මේ වන විට කඳවුරේ පවුල ් සංඛ්‍යාව තවදුරටත් වැඩි වෙමින් තිබේ. පාසල් ගොඩනැගිල්ලේ කෙළවරක සිටි මවක් සමග කතාබහ කරන්නට අවස්ථාව ලැබුණු අතර නායයාමෙන් ඇගේ පවුලේ කිසිවෙකුටත් හානියක ් සිදුව තිබුණේ නැත. එහෙත් ඇයටත් පවුලේ අයටත් ඉතිරිව තිබුණේ ඇඳිවත පමණි. ඇය පදිංචිව සිටියේ පල්ලෙබාගෙ ගම්මානයේ ය.

‘‘ප්ලේන් එකක ් කඩාගෙන වැටුණා වගේ සද්දයක ් ආවා. හයියෙන් හුළඟත් එක්ක වැස්ස ආවා. මිනිස්සු පාරෙ දුවන්න ගත්තා. අප ි දන්න කෙනෙක ් කිව්වා. කන්ද එනවා දුවන්න කියලා. ඒ වෙලාවෙ මම කුස්සියේ උය උය හිටියේ. අප ිත ් එහෙමම දුවගෙන ඇවිල්ලා පන්සලට වෙලා හිටියා. එතනටත් කන්ද එයි කියලා. පෙරේරා (17* ? නවයට විතර අනිත් අයත් එක්ක මෙතනට ආවා. අපේ ගෙවල්වලට මොනවා වෙලාද කිලා අප ි තවම දන්නෙ නැහැ. මමයි නංගියි, එයාගෙ මහත්තයයි තමයි ඒ ගෙදර හිටියේ. දැන්නම් එහාට යන්න බයය ි.’’ එච්. පී. ලීලාවතී මව පැවසූයේ තැති ගැනීමෙනි. එච්. පී. සුරවීර මහතාගෙ පවුලේ මව, අක ්කා සහ නංගී යන තිදෙනාම පස්කන්දට යටවීමෙන් මරුමුවට පත්ව ඇත. ඔවුන් පදිංචිව
සිට ඇත්තේ එළඟප ිටිය ග‍්‍රාමයේ ය.සිද්ධි වූ දා රාතී‍්‍ර රත්නසිරි මහතා වැලිකන්දේ රැුකියාව කරමින් සිට ඇත.’’

‘‘සිද්ධිය මාධ්‍යවලින් දැනගත්ත ගමන් ගෙදරට දුරකතන ඇමතුම් ගත්තත් කවුරුවත් කතා කළේ නැහැ. එද්දි කිසිම දෙයක ් ඉතිරිවෙලා තිබුණෙ නැහැ. හිතාගන්න බැහැ මොනවා වුණාද කියලා. මෙහෙම දෙයක ් වෙයි කියලා රජයෙන්වත් දැනුම් දීලා තිබුණෙ නෑ. දැනුම් දුන්නා නම් අපි
අයින් වෙනවා. දැන් මොකද කරන්නේ කියලා තීරණයක ් ගන්න බැරිවයි ඉන්නෙ. සරමයි කමිසෙයි විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. ගම්වාසීන් පවසන අන්දමට අවදානමක් ඇතැයි කලින් සිතා සිටි ගල පිළිබඳව කලින් බලධාරීන් දැනුවත් කර තිබූ අතර එම ගලේ ප‍්‍රශ්නයක් නොමැති බව ඔවුන් පවසා ඇත. නමුත් මෙවර නායයාමත් සමග පෙරැුළී ඇත්තේ එම ගල නොව අනෙක් ගලය. අරණායක කො ්ඩාපේ කන්ද සහ ජනපද කන්ද ද නාය යාමේ ලකුණු තිබූ නිසා දෙයියන්වල සහ කො ්ඩාපේ ග‍්‍රාමසේවා වසම්වල 79 දෙනෙකු කො ්ඩාපේ පුරාණ විහාරස්ථානයට පැමිණ සිටියහ.

කො ්ඩාපේ ප‍්‍රදේශය 1956 දී සහ 1996 දී නාය ගිය බව එම ගම්වාසීහ ු පවසති. නම හෙළි නොකළ කාන්තාවක් ද සිය සැමියා සහ පුතුගේ පවුල සමග මෙම විහාරස්ථානයට පැමිණ සිටියහ. ‘‘අපේ කන්දත් නාය යාමට ඉඩ තියෙන නිසා අප ිට අනතුරු ඇෙඟව්වා ඉවත් වෙන්න කියලා. ඒ නිසා අප ි අතට අහ ුවුණ දේවල් ටිකක ් අරගෙන ආවා. අවුරුදු පහකට කලිනුත් කන්ද නාය ගියා. අපේ ගේ අයිනෙන් තමයි පැල්ම තිබුණෙත්. මේ සැරෙත් එහෙම වෙයි කියලා බය හිතුනා. වැස්ස නැවතිලා ප‍්‍රශ්නයක් වෙන එකක ් නැහැයි කියලා හිතුන වෙලාවට ආපහු යනවා.’’ තම ඉඩම්වලින් ඉවත්ව යන ලෙස ආණ්ඩුව පෙර සිටම නිවේදනය කර තිබූ බවත් එසේ වුවද තමන්ට යන්නට තැනක් නොමැති නිසා එම ස්ථානයේ තවමත් පදිංචිව සිටින බව ඇය සඳහන් කළා ය. අම්බලකන්ද, ගංතුන, බැලූම්ගල ආදී ප‍්‍රදේශවල පිරිස් ද ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි. එළඟප ිටිය ප‍්‍රදේශයේද පසුගිය 20 වැනිදා රාතී‍්‍ර හතට පමණ විශාල ශබ්දයක ් සමග නාය යාමක් සිදු වූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ. එම ප‍්‍රදේශවල ඇතැම් මාර්ග ඉරිතලා තිබුණු බවත් තවත් පැතිවල පාරවල් අඩියක් පමණ ගිලා බැස තිබෙනු දුටු බවත් ඇසින් දුටු ගම්වාසීහ ු පවසති. 20 වැනිදා උදෑසන වන විට එම ගම්මානවල පිරිස් තාවකාලිකව නැවැත්වීම සඳහා තවත් කඳවුරු ආරම්භ කෙරුණි. ඔවුනට අවශ්‍ය
සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශී‍්‍ර ලංකා රත ු කුරුස සංවිධානය සහ තවත් ස්වේච්ඡුා කණ්ඩායම් රැුසක් යුහුසුළුව වෙහෙසෙමින් සිටිති. අවතැන් කඳවුරුවල සිටින ජනතාවට අවශ්‍ය ආහාරපාන සියල්ල නියමිත වේලාවට ලබා දීමට රජයේ නිලධාරීන් කටයුතු කරමින් තිබෙන බව පෙන්නනට තිබුණි. ඊට අමතරව වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය සේවාවන්ද කඩිනමින් ලබාදෙමින් තිබිණි.
කො ්ඩාපේ පුරාණ රජමහා විහාරයේ පැවති අවතැන් කඳවුරේ සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් සඳහන් කළේ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා දිනපතාම අවතැන් ක\වුරුවලට යන බවය. ‘‘මේ කඳවුරුවල ඉන්න අම්මලගෙ, දරුවන්ගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන අප ි බලනවා. සමහර කඳවුරුවල
අවුරුදු අටට අඩු ළමයි ඉන්නවා. අද උදෙත් වෛද්‍ය කණ්ඩායමක් ආවා. ඩෙංගු බෝවෙන්න පුළුවන් තැන් පරීක්‍ෂා කළා. රෝග ීන්ට අවශ්‍ය බෙහෙත් ලබා දුන්නා. අපිට කරන්න පුළුවන් සේවය අප ි ඒ අය වෙනුවෙන් කරනවා.’’

අවතැන් කඳවුරුවල සිටින ජනතාවගෙන් වැඩි දෙනෙකුට ඉතිරිව තිබෙන්නේ ඇඳිවත පමණි. පිරිමි, කාන්තා හා ළමා ඇඳුම් මෙන්ම යට ඇඳුම් ද ඔවුනට අවශ්‍ය වී තිබේ. ශී‍්‍ර ලංකා රතු කුරුස සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක මහේෂ් ජොනී මහතා සඳහන් කළේ ශී‍්‍ර ලංකා රතු කුරුස සංවිධානය මගින් සෑම කඳවුරකටම ප‍්‍රථමාධාර සේවා ලබා දී තිබෙන බව ය.’’

‘‘කඳවුරුවල දැනට අපි වෛද්‍ය සායන පවත්වාගෙන යමින් සිටිනවා. ඒ වගේම එම ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීලා තියෙනවා. දැනට ඔවුනට මදුරු දැල් සහ මදුරු දඟර අවශ්‍ය වෙලා තියෙනවා. කෑම මිනිස්සු ගෙනත් දෙනවා. මාසෙකට විතර කෑම දෙන්නත් බාර අරගෙන තියෙනවා. ඇඳුම් අවශ්‍ය වෙනවා. කිරිප ිටි ලබාදීම කලින් කළත් දැන් ඒක නවත්තලා තියෙන්නෙ. රජයෙන ් අප ිට අවවාදයක් කළා කිරිප ිටි ලබාදෙන්න එපා කියලා. විවිධ කිරිප ිටි පානය කිරීමෙන් ඔවුනගේ ලෙඩ වීමේ ප‍්‍රවණතාවය වැඩිය ි කියලා. දෙන්න කියලා තියෙන්නෙ නැවුම් කිරි. ඉදිරියට නැවුම් කිරි ගෙනත් දෙන්න කියලා අපි ඉල්ලනවා.’’ පොලීසිය, හමුදාව මෙන්ම සහන සේවකයන්ද ඉල්ලා සිටිනුයේ කන්ද නායගිය ස්ථාන නැරඹීම සඳහා ජනතාවගේ පැමිණීම ඉතා අවදානම් සහගත බවයි. එක් අවස්ථාවක නරඹන්නවුන් බලා සිටියදීම කන්දක් යලි නාය යාම නිසා ඔවුහු බියට පත්ව සීසිකඩ විසිර ගියහ. ජනතාව නොනවත්වා එහි පැමිණීම නිසා සහන සේවා කටයුතුවලට ද බාධා පැමිණෙන බව සහන සේවකයො ් පවසති. පොලීසිය සහ හමුදාව නාය ගිය ස්ථාන බලන්නට නොපැමිණෙන ලෙස ජනතාවට දැනුම් දී තිබේ. අරණායක ප‍්‍රදේශයේ කඳු ගණනාවක්ම නාය යාමේ අවදානමට ලක්ව ඇති නිසා හාරදහසකට අධික අවතැන් කඳවුරුවල සිටින ජනතාවට ඉදිරියටත් ආධාර උපකාර අවශ්‍ය වී තිබේ.