අසංක බණ්ඩාර

දිළිදුකම සහ සුළුජන ජන්ද පදනම මත අත්‍යවශය පහසුකම් ලබා නොදීම හේතුවෙන් රටේ එක් පුද්ගල කොට්ටාශයක් කිසිදු පිහිටක් නොමැතිව වෙනම පිරිසක් ලෙස වෙන්ව සිටීම වැඩි අවධානයක් යොමු විය යුතු මාතෘකාවක් බවට පත්ව තිබේ.

රටේ පැවති යුද ගැටුම්කාරී මෙන්ම අස්ථාවර, අනාරක්ෂිත වාතාවරණය ඛේදනීය අන්තයකට රැගෙන යාමට හේතු වූෙය් ද මෙවැනිම තත්ත්වයන් හේතුවෙනි.

එවැනි ත්ත්වයන් සමනය කිරීම සදහා වඩා සහනශීලී ආකල්පයකින් කටයුතු කිරීමට ඇතැම් දේශපාලන ප්‍රවාහයන් පෙළඹී සිටිය ද කොහොනාවල ජනතාවට අත්ව ඇති ඛේදනීය පැතිකඩ රට හමුවේ තැබූ සංකේතයක් බඳු විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, මඩොල්සිම සිට ගිරිදුර්ගයක් ඔස්සේ කිලෝ මීටර් 13ක් ගියතැන කදු පන්ති තුනක් අතරේ මෙම සොදුරු ගම්මානය පිහිටා ඇත.

නමුනුකුල, බඹරකන්ද සහ ලුනුගල කදු පන්තිවලින් වට වී ඇති මෙම ගම්මානයේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින පිරිසකි.

පවුල් 45ක් පමණ සිටින මෙම ගම්මානයේ පුද්ගලයින් 540කට ආසන්න පිහිසක් ජීවත්වෙයි.

එදිනෙදා ජීවනෝපාය ලෙස ගම්මුන් විසින් කොස්,පොළොස්,අඹ,කිරි අල, මඤ්ඤොක්කාවලට අමතරව අර්ධ වශයෙන් වී ගොවිතැන්හී යෙදෙති.

මීට අමතර කිතුල් හකුරු නිශ්පාදනයේ නිරත පිරිසක් ද සිටින ඔවුන් මෙම ක්‍රියාදාමයන්හී යෙදෙනුයේ අතිශය ප්‍රශ්ණ රාශියක් මධ්‍යයේය.

ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ගම්මානයට හිරු රශ්මිය හෙවත් එළිවන්නේ සාමාන්‍ය වේලාවෙන් පෙරවරු 09වන අතර හිරු පස්වරු 03වන විට අවරට යයි.

එහි සිටින ජනතාවට එය දෛනික වැඩ කටයුතු සදහා ගැටළුවක් වුව ද නරඔන්නකු සතු සුන්දර දසුනකි.

පැය හයක් වූ සීමා සහිත කාලයක් තුළ වැඩ කටයුතු කරන කොහොනාවල වැසියන් තමන් සකස්කරගත් කොස්,පොළොස්,අඹ,කිරි අල, මඤ්ඤොක්කා හෝ හකුරු මිල කිරීම සදහා කොහොනාවල සිට මඩොල්සිම පොල දක්වා කිලෝ මීටර් 13ක් ගෙවා පැමිණිය යුතුය.

මඩොල්සිම සිට කිලෝමීටර් 09න් ඇවෑමෙන් කදු සිකරයට පිවිසීමෙන් පසු ගමනේ විඩාව නිවා ගැනීම සදහා ගම්මානයේ සිටින මිනිසුන් විසින්ම තනාගත් අම්බලමක් හමුවෙයි.

ගම්මානයට යන – එන ඕනෑම අයෙකු මෙම අම්බලමේ සිට විඩාව නිවා සිය ගමන ආරම්භ කිරීම සාමාන්‍ය සිරිතකි.

ජනප්‍රවාද කිහිපයක් ඔස්සේ දිවයන කොහොලානේ ඉතිහාසය වලගම්බා රජු දවස දක්වා අතීතයක් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

රජුගේ අමාත්‍යවරයෙකු වන කෝණාර යුද්ධයෙන් පැරදී පැමිණ මෙම ගම්මානයේ සිට ඇති අතර ඔහුගෙන් පැවත එන පිරිස රන්පත් මුදියන්සේලාගේ යන පෙලපත් නාමයෙන් හදුන්වයි.

මෙම ගම්මානයට පිවිසුමට ඇති අනෙක් මාර්ගය වන්නේ බදුල්ලේ සිට උරුවීතැන්න පසුකර කහටරුප්ප මාර්ගයයි.

අනතුරුව ලොග්ගල් ඔය දුර්ගය පසුකිරීමෙන් පසු කොහොලාන ගම්මානයට පැමිණිය හැක.

අධික වර්ෂා සමයට ලොග්ගල්ඔයේ ජලය අධික හෙයින් ගම්මුන්ගේ ගමනාගන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙයි.

ලොග්ගල් ඔය හරහා පාලමක් ඉදිකිරීම මිනිසුන්ට ඇස් පාදා දීමක් වන්නේ ඔවුන්ට පහසුම මාර්ගය මෙය වීම හේතුවෙනි.

යම් අයෙකුට අනතුරක් හෝ ලෙඩක් හැදුනු විට අතිශය දුශ්කරතාවයකට මුහුණ දෙන්නේ ගමන් විඩාව මෙන්ව වැසි සමය තුළ මාර්ගයේ පවතින අපහසුතාවයන් හේතුවෙනි.

කොහොනාවල සිටින බොදු ජනතාවට අතවශ්‍ය ආගමික වතාවත්හී නිරත වීමට ඇති පංසල, ප්‍රජාශාලාව තුළ නිර්මාණය වී ඇති අතර භික්ෂූන් වහන්සේලා විසින්ම නව සංඝාවාසය තනා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම ද විශේෂත්වයක්.

අතිශය බාධක මැද සිය දිරිය දිවි පෙවත පිළිබදව අදහස් දැක්වූ රන්පත් මුදියන්සේලාගේ පුංචි බණ්ඩා –

කිසි වැඩක් නොකර, ණයට රුපියල් දහයක් ඉල්ලගෙන,

මඤ්ඤොක්ක කිලෝ එකක් තම්බගෙන කාලා,

තේ ටිකක් බිව්වොත් මම නිකමෙක් මහත්තයෝ.

kohonawala_1

kohonawala_2

kohonawala_3

kohonawala_4

kohonawala_5

This article was published in the Dinamina – http://www.dinamina.lk/?q=2016/04/28/17494