දිලීෂා අබේසුන්දර

වර්තමානයේ කාන්තාවක් සමාජයේ හුදෙකලා වීම මහා සාගරයේ අතරමං වූ ඔරුවකට සම කළ හැකිය. විශේෂයෙන් සැමියා අහිමිව පවුල්බර පැටවුණු පිළිසරණක් නොමැති කාන්තාවන් සමාජයේ ගොදුරු බවට පත්වීම සුලබ කාරණයකි. නැවත විවාහයක් සිදු කර ගැනීම සමාජ අපවාදයට ලක් වන්නක් වන අතර එය ලාංකේය සංස්කෘතික, ආගමික පසුබිම්වලදී අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.

අද වන විට සමාජය තුළ සිය ජීවන පැවැත්ම තහවුරු කර ගැනීමේ ප‍්‍රබල අභියෝගයකට උතුරුකරයේ වෙසෙන වැන්දඹු කාන්තාවෝ මුහුණ දී සිටිති. විරැුකියාව, ආර්ථික දුෂ්කරතා, දරුවන්ගේ අධ්‍යාපනය, ලිංගික අතවරවලට ලක් වීම, මානසික ආතතිය ආදී ගැටලූ රැුසකින් උතුරේ වැන්දඹු කාන්තාවන් පීඩා විඳිති. වැන්දඹුවන් 1237ක්ද කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ සිටින වැන්දඹුවන් 4967 න් 1442ක් යුද වැන්දඹුවන් ය. පවුල් 985 ක මූලිකත්වය දරන්නේ වයස අවුරුදු 40ට අඩු වැන්දඹු කාන්තාවන්ය. යාපනය දිස්ත‍්‍රික්කයේ කාන්තා ගෘහ මූලිකත්වය දරණ යුද වැන්දඹු පවුල් සංඛ්‍යාව 13000කි. මුලතිව් දිස්ත‍්‍රික්කයේ වැන්දඹු කාන්තාවන් ගණන 6515ක් බව දිස්ත‍්‍රික් ලේකම්වරු ප‍්‍රකාශ කරති.

34 හැවිරිදි පරමේෂ්වරී ගේ සැමියා මියගොස් ඇත්තේ 2009 වසරේදී බිම් බෝම්බයකට හසු වීමෙනි. දරුවන් සිව් දෙනෙකුගේ මවක වන ඈ ගෙවමින් සිටින්නේ දුෂ්කර දිවි පෙවතකි.

‘මහත්තයා නැති වෙද්දි පොඩි දුවට මාස දෙකයි. ගෙදර වැඩ සේරම බලාගත්තෙ මහත්තයා. ධීවර රස්සාව තමයි කළේ. මම කසාද බැන්දෙ අවුරුදු 16න්. මගේ තාත්තත් මුහුදේ ගිහින් නැති වුණා’.

මහත්තයා නැති වුණාට පස්සෙ මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුණා. ගොඩාක් ප‍්‍රශ්න ආවා. දරුවන්ට උගන්වන්න ඕනකම තිබුණත් කරගන්න බැරි වුණා. සමහර දවස්වලට කන්නවත් තිබුණෙ නැහැ. ජීවිතේ එපා වෙලා තිබුණෙ. දරුවො නිසා ජීවත් වෙන්න වුණා. 2010 දි එන්.ජී. ඕ. එකකින් ඇවිල්ලා උදව් කළා. කොට්ටකිලිංගු හදලා විකුණනනවා. තවත් කෑම වර්ග කඩයප්පන් හදනවා. ඒකෙන් ජීවත් වෙන්න අමාරුයි. ලොකු පුතත් කුලී වැඩට යනවා’.

පරමේෂ්වරී ජීවත් වන්නේ විශාල මානසික වියවුලකිනි. නෑදෑයන්ගේ උපකාරය යම් තරමකින් හෝ ලැබුණද ඇයට හා දරුවන්ට පියෙකුගේ හා සැමියකුගේ රැුකවරණය නොලැබී යාම විශාල පීඩාවක් බවට පත්ව ඇත. නැවත විවාහ වීම පිළිබඳව ඇය පළ කළේ අකමැත්තකි.
‘මුලදි නැවත විවාහ වෙනවද නැද්ද කියලා හිතුව. දරුවො ඉඳිද්දි විවාහ වෙන්න බැහැනෙ. එහෙම විවාහ වුණ කෙනෙක් හිටියා. එයාට නරක විදිහට තමයි ගමේ අය කතා කළේ. අපහාස විඳින්න ඕනකමක් නෑ. දරුවොත් වැරදි විදිහට දකියි. මහත්තයා නැති වුණාට පස්සෙ වෙන කෙනෙක් බැන්දොත් දරුවන්ට බලන්නෙ නැති වුනොත් මොනවද කරන්නෙ’.

නැවත විවාහය සඳහා පවතින සමාජ ගැටලූව පරමේෂ්වරීට දැනෙන අන්දම ඇය විස්තර කර සිටියේ එසේ ය.

වැන්දඹුවට විවාහය අකැපද?

වැන්දඹු කාන්තාවන් වැඩි දෙනෙකුගේ අදහස වී තිබෙන්නේ නැවත විවාහ වීමෙන් ආගමික සංස්කෘතියට පටහැනිව යා නොහැකි බවයි. එවැනි අදහසක සිටින වැන්දඹු කාන්තාවන් විශාල පිරිසක් තනිකඩ ජීවිත ගත කරමින් ජීවන බර දරාගෙන සිටිති.
එමෙන්ම තමන් දෙවැනිවර විවාහ වන පුද්ගලයා ගේ විශ්වාසවන්තභාවය කෙසේද යන්නත් විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට හැකිවේද යන්න පිළිබඳවත් එම වැන්දඹු කාන්තාවක් තුළ බියක් මතුව තිබේ.

උතුරේ වැන්දඹුවන් වැඩි වීමට යුද්ධය හේතුවක් වූ බව උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
‘වැන්දඹුවන්ගේ ප‍්‍රශ්නය උග‍්‍ර වෙන්න කරුණු දෙකක් බලපාලා තියෙනවා. එකක් උතුරේ ජනගහණ ප‍්‍රතිශතය ගත්තොත් කාන්තාවන් වැඩියි. යුද්ධයේදී විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වීම නිසා එය තවත් උග‍්‍ර වී තිබෙනවා. මේ නිසා දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ට ඉගැන්වීම, රැුකියාවක් කිරීම ඇතුළු අතිවිශාල බරක් පැටවී පිරිමියෙකුගේ රැුකවරණයක් නැතිව ඔවුන් දුෂ්කර තත්ත්වයකට පත්ව සිටිනවා’.

යුද වැන්දඹුවන් විවාහ වීමට ධෛර්යමත් කරන සමාජ තත්ත්වයක් ඔවුනට ලබා දිය යුතුව ඇතැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.

‘නැවත විවාහ වීම කියන එක මෙහෙ පහසු දෙයක් නෙවෙයි. දෙමළ සම්ප‍්‍රදායයන් හිතන විදිහ හුඟාක් වෙනස්. හැබැයි ඔවුනගේ ආර්ථිකය ශක්තිමත් කළොත් නැවත විවාහ වීමේ ප‍්‍රශ්නය නැති වෙනවා.

ඉන්දියාවේ ‘කාන්තිමා’ නමැති සංවිධානයක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරු පළාත් සභාව සමඟ එක්ව යුද වැන්දඹුවන්ට සමාජ විවේකය සම්බන්ධයෙන් පුහුණුව වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරමින් තිබෙන බව ද මහ ඇමතිවරයා සඳහන් කළේ ය.
යාපනය කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් සිදු කළ සමික්‍ෂණයකදී වැන්දඹු කාන්තාවන් 52%ක් නැවත විවාහ වීමට කැමැත්ත පළ කර ඇති අතර 42%ක් කිසිදු අදහසක් ප‍්‍රකාශ කර නොමැති බව හෙළි වී තිබේ. දෙවැනි කසාදයට කැමැත්ත පළ කර ඇත්තේ 6%කි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිය හැඟීම්, නැවත විවාහවීම පිළිබඳව හෝ ¥ෂණයට ලක්වීම පිළිබඳව කිසිවක් ප‍්‍රකාශ කර නොමැත.

යළි විවාහ වීමේදී විශාල දෑවැද්දක් ලබා දීමට කාන්තාවට සිදු වීමත් නැවත විවාහ නොවීමට බලපා තිබෙන බවද එම මධ්‍යස්ථානය පවසයි. නිසි ආදායමක් නොමැතිව අසීරුවෙන් ජීවිත ගැට ගසා ගන්නා වැන්දඹු කාන්තාවන්ට දෑවැද්දක් දීම වනාහි කබලෙන් ළිපට වැටීමකි.
මෙවැනි කාන්තාවන් සඳහා මානසික අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවක් පවතින අතරම ඔවුනගේ ශාරීරික ගැටලූ සම්බන්ධයෙන්ද අධ්‍යාපනය ලබා දිය යුතුව තිබේ. ස්වාමි පුරුෂයන් අහිමි වූ කාන්තාවන්ට පමණක් නොව ඔවුනගේ ඥාතීන්ට ද එවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් විය යුතුව ඇත.
යුද වැන්දඹුවන්ගෙන් බහුතරය තරුණ කාන්තාවන් ය. ඔවුන්ගේ ජීවිත යළි නඟා සිටුවීම සඳහා සංස්කෘතික බැමි ඉවත් විය යුතු බව යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ හිටපු පීඨාධිපති සහ සමාජ විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය ආර්. ශිවචන්ද්‍රන් මහතා පෙන්වා දුන්නේ ය.

‘වැන්දඹු කාන්තාවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ඔවුනට යළි විවාහ වීමට ඉඩ ලබා දෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඇතුළුව දමිළ නායකයන් ජනතාව හමුවේ විශේෂ ඉල්ලීමක් කළ යුතුයි. යුද්ධය පැවති කාලෙදි වුණත් යම් ආදායමක් උපයාගත හැකි තත්ත්වයක් ඔවුනට තිබුණා. සමහරු තමන්ගේ නෑයෙක් එල්.ටී.ටී.ඊ එකත් එක්ක සම්බන්ධකම් තිබෙන බව ආඩම්බරයෙන් කිව්වා. දැන් එවැනි දෙයක්වත් නැති නිසා ඔවුන් මානසික වශයෙනුත් ඉන්නෙ විඳවන තත්ත්වයක’.

පටු මානසිකත්වයෙන් මිදිය යුතු වැන්දඹුව

යුද්ධය හේතුකොටගෙන ඇති වූ මානසික ගැටලූ පිටතට නොපෙනුනද වැන්දඹු කාන්තාවන් ශරීර වෙළඳාමට යොමුවීම මත් ද්‍රව්‍ය භාවිතය, සියදිවි හානි කර ගැනීම් වැනි තත්ත්වයන්වලට පදනම් වී තිබෙන්නේ මානසික අසහනකාරී තත්ත්වයන් ය.
යුද්ධය හේතු කොටගෙන අඩු වයසේදීම විවාහ දිවියට ඇතුළත් වීම, ¥ෂණයට ලක්වීම ආදිය හේතුවෙන් සහ සංස්කෘතිකමය සීමාකම් සහිත වටපිටාව නිසා හැඟීම් සහ ශාරීරික අවශ්‍යතාවන් යටපත් වීමත් මානසික ගැටලූ තීව‍්‍ර වීමට තුඩු දී තිබෙන බව මුලතිව් රෝහලේ මානසික අංශයේ වෛද්‍ය සී. විජේන්ද්‍රන් මහතා සඳහන් කළේ ය.

යුද වැන්දඹුවන් ශරීර වෙළඳාම සඳහා යොමු වී තිබෙන බවට ඇතැම් දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නොමැත. පවතින සමාජ ක‍්‍රමය තුළ දැඩි ලෙස අසරණ වී සිටින මෙම කාන්තාවන් එවැනි තත්ත්වයකට පත්වීමද එක් අතෙකින් පුදුම විය යුතු කරුණක් නොවෙයි.
උතුරේ වෙසෙන දහස් ගනණක් වැන්දඹු කාන්තාවන්ගේ සහ එම පවුල්වල දරුවන්ගේ ජීවිත මුදල්වලින් පමණක් සුවපත් කළ නොහැකිය.