කොස්ලන්ද මිරිබද්දේ අවදානම් කලාපයේ තවමත් ජිවත්වන පවුල් 90 වකට පමණ අවදානම පෙනිපෙනි තම දරුවන් සමග තවමත් එහි ජිවත්
වීමට සිදුව ඇත්තේ ඔවුන් කෙරෙන් වගකිවයුත්තන්ගේ අවදානය ගිලිහි ගොස් ඇති නිසා බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද ,මිරියබැද්ද ප්‍රදේශයේ 2014 ඔක්තෝම්බර් 29 වැනිදා පෙරවරු 7.30 පමණ සිදු වූ නාය හේතුවෙන් නාය ගිය ප්‍රදේශයේ ලයින්කාබර පේලි 06 ක ජීවත්වූ පවුල් 75 ක් පමණ දෙනාට නිවාස අහිමිවිය .නාය යාම හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තිබේ ඒ අතර අතුරුදහන් වුවන්ද වෙති .

අවදානම් කලාපය

අදවන විට නායයෑම සිදුවූ ප්රඅදේශයට යාබද ප්ර දෙසයද දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර තිබුනත් අද වන විටත් එහි පවුල් 90 ක් පමණ ඉතා දුෂ්කර ජිවිත ගතකරමින් ඉහි ජිවත් වෙති .විදුලිබලය අත්හිටුවා ඇත ගමන්කිරීමට අතිමාර්ග ඉතා අබලන් තත්වයේ පවතී. ජිවවත් වීමට ඇති ලයින්කාබර කිදු නියමාකාර නඩත්තුවක් නොමැති නිසා අබලන් වී ඇත .

මීරියබැද්ද නාය ගිය ප්රුදේශයේ හා ඊට යාබද පවුල් 90 ක් පමණ ජිවත්වන ප්ර දේශයේ jika අයාතනය සිදුකල පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ සමහරක් නාය ස්කන්ධ තවමත් පැවතීම නිසා ජල උල්පත් පහතට ගලා බැසීම මගින් මෙම ප්රාදේශය තවදුරටත් අස්ථාවර බවක් පෙන්නුම් කරන බවයි .එමෙන්ම මෙම ප්‍රදේශය පස් තල්ලුවීම් ඇතුළු නායයෑම් වලින් ප්ර්වේසම් විය යුතුබවද එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා .

“මට ළමයින් හතර දෙනෙක් ඉන්නවා අපි ඉන්නේ අවදානම් තැනක අපි ගැන කවුරුත් ඇවිල්ලා හොයලා බැලුවේ නෑ .නාය ගිය දවස්වල අපිටත්
ගෙවල් හදලා දෙනවයි කිවුවට තාම ඒ ගැන හොයන්නවත් කවුරුත් අවේ නෑ. නාය ගිය දවස ඉදන් ගමට විදුලිය නෑ කම්බි ඇදලා තියෙනවා විතරයි. ළමයි පාඩම් කරන්නේ ලාම්පු එළියෙන් බවයි විරමණ පාඩියරාජා -(39)කියා සිටින්නේ ”

“මගේ පවුලේ හතර දෙනෙක් නාය ගිහින් නැති වුනා මගේ මල්ලිත් නැති වුනා ඒ අයගේ දුවයි පුතයි ඉන්නෙත් මගේ ගාව. නාය ගියපු අයට ගෙවල් හදනවා තවත් පවුල් 100 ක්විතර ඉන්නවා අපි ඉන්නේ නාය ගිය තැනට යාබදව අපි ඉන්න තැනත් නායයනවා කියලා කියනවා වැස්ස එනකොට යන්න කියනවා අපිට යන්න තැනක් නෑ අපිට හොද තැනක ගෙවල් හදලා දෙනවනම් අපි මෙහෙන් යනවා .අපි ගැන හොයන්න කවුරුත් එන්නෙත් නෑ උදවුවට කවුරුත් නෑ බලලා ගියාට විතරක් වැඩක් නෑ අපි දුක්විදවිද ඉන්නේ වහින කොට පොඩි ළමයි උස්සගෙන අපිට දුවන්න තැනක් නැති බවයි ආර් .මනෝහරන් (60) ප්රසකාශ කර සිටියේ .

දකුණු ඉන්දීය කම්කරුවන්

බ්‍රිතාන්‍යන් විසින්මුඩු ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් පවරා ගැනීමත් සමග ඉඩම් අහිමිවූ ශ්‍රී ලාංකිකයන් ජීවත්වීම උදෙසා විවිද කම්කරු රැකියා වන්හි නිරතවීමට නාගරික ප්‍රදේශයන්ට සංක්‍රමණය විය. බ්‍රිතාන්‍යන්ගේ වැවිලි අංශයේ රැකියා කිරීමට ස්රිලන්කිකයන් අකමැතිවීම නිසා 1846 වසරේ දී වතු වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලදී.

මෙසේ ගෙන්වනලද දකුණු ඉන්දීය කම්කරුවන් වැවිලි සේවකයා හා නාගරික සේවකයන් යනුවෙන් කොටස් දෙකක් එදා වෙන් කරතිබුණි. නමුත් මෙම දෙපිරිසටම් ගෙවන්නට උයේ ඉතා දුෂ්කර ජිවිත වේ. .දිළිඳුකම හේතුවෙන් බොහෝ ගැටළුවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. ඊටත් වඩා වැදගත්වන්නේ වතු කෘෂිකර්මයේ ව්‍යුහාත්මක ලක්ෂණ හා ගැට ගැසුණු සමාජීය පසුගාමී තත්වයක් දෙමළ වතු කම්කරුවනට උරුමව තිබීමයි .එම පසුගාමී තත්වය අදටද ඔවුන්ට හිමිය.

පහසුකම් නෑ

පුෂ්පරාණි (53) අප සමග කියාසිටියේ “අපි මිරියබද්දේ ඉන්නේ මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා පුතාට දෙන්නෙක් ඉන්නවා ඔක්කොම එක ගෙදර තමයි ඉන්නේ . වැස්ස එනකොට අපිට ඉන්න එපා කියනවා කොහෙට හරි යන්න කියනවා කිසිම පහසුකමක් නොදී නිකම්ම යන්න කියනවා අපිට යන්න තැනක් නෑ අපිට කොහේ හරි ගෙවල් හදලා දුන්නොත් හොදයි .උඩ කන්ද නාය යනවා කියලා කියනවා .අපි ඉන්න තැන ගිලා බහිනවා කියලත් කියනවා ඒ නිසා වහිනකොට වත්තේ කවුරු හරි ඇවිල්ලා කොහාට හරි යන්න මෙතන ඉන්න එපා කියලා කියනවා අපිට යන්න තැනක් නෑ”

මිරියබැද්ද නාය යෑමෙන් අනතුරුව ප්‍රදේශයේ තිබු පාසල ඉන් ඉවත්කිරීමට බලධාරීන් පියවරගන්නා ලදී එම නිසා පාසල් යන දරුවන්හට කොස්ලන්ද විද්‍යාලයට ඉගැනුම් කටයුතු සදහා කිලෝමීටර් තුනක් (3) පමණ දුර යන්න සිදුවී තිබේ. විනෝදනි ( 6) ‘’අපි ස්කොලේ යන්නේ අමාරුවෙන් වාහන පහසුකම් නෑ. වහින කොට ස්කොලේ ගියාම නාය යන තැන්වල වතුර නිසා එන්න විදියක් නෑ දෙමාපියන් ඇවිත් තමයි අපිව එක්කගෙන එන්නේ
.වහිනකොට ගෙවල් තෙමෙන නිසා පාඩම් කරන්න විදියකුත් නෑ ‘’

මිරියබැද්දේ අවදානම් කලාපයේ ජිවත්වන ජනතාවහට කිසියම් අපදා අවස්ථාවකදී යාමට තිබෙන ආරක්‍ෂිත ස්ථානයේ කිසිදු පහසුකමක් සපයා නොමැත එහි සංචාරයේ යෙදුනු අපට දැකගන්නට ලැබුනේ හිටවන ලද කෝටු කැබලි කීපයක් පමණි.

‘’වහින කොට මෙතෙන්න්ට ඇවිත් ඉන්න කියනවා පවුල් 90 ක් විතර මෙතන කොහොමද ඉන්නේ අලිත් එනවා එක පැත්තකටත් යන්න බෑ.පොඩිලමයි ඉන්නවා උත්සාගෙන යන්න බෑ අපිට කවුරුත් උදවු කරන්නේ නෑ හැබැයි යන්න යන්න කියනබවයි කන්දයියා දයාලන් ප්‍රකාශ කරසිටියේ.

‘’අපි ජීවත්වෙන්නේ මීරිය බැද්දේ වහින කොට යන්න කියනවා අපිට යන්න තැනක් නෑ ආරක්ෂිඅත කියලා කියන තැන කොටු විතරයි ගහලා තියෙන්නේ මට පොඩි ළමයින් දෙන්නෙක් ඉන්නවා අපිට යන්න තැනක් නැති බවයි විජය කුමාරි ප්ර කාශ කර සිටියේ .’’

පවුල් 6900 ක් අවදානමක

කොස්ලන්ද මීරිය බැද්ද ප්‍රදේශයේ අවදානම් කලාපයේ ජිවත් වන ජනතාව සම්බන්දයෙන් රජය ගෙන ඇත්තේ කුමන පියවරක්ද යන්න විමසුවිටදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි කියා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 6900 කට අධික ප්‍රමාණයක් දැඩි සහ මධ්‍යම අවධානම් කලාපයන්හි ජිවත්වන බවත් ඔවුන් සියලු දෙනාට ඉඩම් ලබාදී නිවාස තනා දීම කල නොහැකි කටයුත්තක් නිසා අවධානම් කලාපයන්හි ජිවත්වන ජනතාව හට අපදා අවස්ථාවන්ගෙන් බෙරිමට හා ඒ සදහා මුහුණ දීම සදහා පෙරපුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.

This article was published in the BBC Sinhala – http://www.bbc.com/sinhala/sri-lanka-36123755?SThisFB