Asanka Bandara

ස්ථිර ඉඩම් සහ නිවාස නොමැතිකම ඇතුළු ආර්ථික අපහසුතා නිසා දැඩි ජීවන අරගලයක නිරත වන බව පූත්තෝට්ටම් අනාථ කඳවුරේ ජීවත් වන පිරිස් පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ තමන් තමන් 1997 වසරේ සිට එම කදවුරේ වාසය කරන අතර 2000 වසරේ සිට රජය විසින් ලබා දුන් සියළු පහසුකම් අත්හිටුවා ඇති බවය.

ඉඩම් අයිතිය

1997 වසරේ සිට කුලී වැඩ කරමින් සිටින පී.රාසයියා (58) lankanewswire වෙත අදහස් පල කලේය.

”රජය අපට මෙතනින් යන්න කියනවා,

එයාල අපිට යන්න කියන්නේ වව්නියාවේ ඉදන් කාලෝ මීටර් 45ක් දුරින් පිහිටි,වන අලි ගැටළු සහිත එහෙත් පහසුකම් රහිත නැඩුන්කේනි ප්‍රදේශයටයි.

පවුල් 135ට අයත් පුද්ගලයින් 548ක් මේ කදවුරේ ජීවත් වුනාට,සියළුම යටිතල පහසුකම් අඩු තත්ත්වයකයි අපි ජීවත් වන්නේ.”

අවතැන් කදවුරු නැහැ

පූන්තෝටම්, අනාථ කඳවුරක් ලෙස නොසලකන අතර,එය සාමාන්‍ය ගම්මානයක් සේ සලකන බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර පැවසීය.

එහි ජීවත් වන පවුල් 98කට නැදුන්කර්නි ප්‍රදේශයේ නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් නිවාස ලබා දෙන තුරු දැනට ජීවත් වන පූත්තෝටම් ගමට තාවකාලිකව විදුලිය ලබා දීමට සාකච්ඡා කර තිබෙන බවයි දිසාපතිවරයා පවසා සිටියේ.

එමෙන්ම මැයි මස අවසන් වන විට ඔවුන්ට අවශ්‍ය අක්කර භාගයකින් යුත් ඉඩමක නිවසක් තනා දී ඔවුන්ට අවශ්‍ය රැකියා ද ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.

නීත්‍යානුකූල භාවය

කෙසේ වෙතත් වව්නියා ප්‍රදේශිය ලේකම් කේ.උදයරාසා පවසන්නේ, රජය විසින් පූන්තොට්ටම් අවතැන් කදවුර අවතැන් වූවන් සිටින බවට තීබූ නීත්‍යානූකූල භාවය 2010 අප්රේල් මස 10 වනදා සිට ඉවත් කල බවයි.

එහෙත් මෙම ස්ථානයෙන් ඉවත්වීමට අකැමැති පවුල් 17 ක් සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් විවිධ නිත්‍යානු කූල නොවන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය හමුවේ වරදකරුවන් බව ද උදයරාසා පෙන්වා දෙයි.

This article was published in the Lankanewswire –

පූන්තෝට්ටම් කඳවුර තවමත් අවතැන් ?