රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ගමන් බිමන් යෑමේ සීමා සහිත බව සහ කලින් තිබූ තහංචි නැති වී යම් නිදහසක් වර්තමානයේ තිබුණ ද ආර්ථික අපහසුතා නිසා දැඩි ජීවන අරගලයක නිරත වන බව පූත්තෝට්ටම් අනාථ කදවුරේ ජීවත් වන පිරිස් පවසති.

නිදහස

‘රස්සාවක් කරන්න එළියට යන්න පැය තුනක පමණ කාලයක් ලබා දී තිබුණා. දැන් ඕනෑ වෙලාවක යන්න එන්න පුළුවන් වුණත් පවුලේ අට දෙනකු සමග අනාථ කදවුරේ ජීවත් වෙන්නේ ඉතාම අමාරුවෙන්. කන්න බොන්න සල්ලි නෑ.’ යැයි 1997 සිට කුලී වැඩ කරමින් කදවුරේ ජීවත් වන මුත්තයියා සුබ්‍රමනියම් (55) කියයි.

අනාත කදවුරු නෑ

වවුනියාව දිස්ත්‍රික් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර මහතා පවසනුයේ පූත්තෝටම්, අනාථ කදවුරක් ලෙස නොසලකන බවයි. එය සාමාන්‍ය ගම්මානයක් සේ සලකන බවත්, එහි පවුල් 98කට නැදුන්කර්නි ප්‍රදේශයේ නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් පුෂ්ප කුමාර මහතා සදහන් කරයි. නිවාස ලබා දෙන තුරු දැනට ජීවත් වන පූත්තෝටම් ගමට තාවකාලිකව විදුලිය ලබා දීමට සාකච්ඡා කර තිබෙන බව ද දිසාපති කියයි.

යුදමය තත්ත්වය නිසා 1987 සිට වරින් වර කිලිනොච්චියේ සිටි ජනතාව පූන්තෝට්ටම් කදවුරේ පදිංචි කළ බවත්, 1996 සහ 1997 වසරවල ජයසිකුරු මෙහෙයුම සමග ඔඩ්ඩුසුඩාන්, නෙළුම්කාර්ති, මාන්කුලම් ප්‍රදේශවල සිටි ජනතාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදංචි කළ බවත් ජයසිකුරු මෙහෙයුමේ නියැළී සිටි විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පැවසීය.
අවුරුද්දක් වයසැති දියණිය සමග පූට්තෝට්ටම් කදවුරට පැමිණ දහ දුක් විඳ ජීවත් වූ තමාගේ දියණිය දැන් 24 හැවිරිදි තරුණියක බවත්, ජීවත් වීම සදහා ඇය පොල්ලෙලි තලන බවත් කිලි නොච්චියේ සිට වසර 23කට පෙර පුත්තෝට්ම් කදවුරට පැමිණි රාසිනා පාපතී (59) කියන්නීය. ‘දුව පොල්ලෙලි තලන්න ගියේ නැතිනම් අපට කන්න බොන්න නැතිව හාමතේ තමයි ඉන්න වෙන්නේ.’ යැයි පාපතී පවසන්නීය.

කිසිදු ආධාරයක් ණෑ

කඳවුරට පැමිණි කාලයේ ආණ්ඩුවෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලැබුණු ආධාර දැන් නොලැබෙන බව කඳවුරේ ජීවත්වන්නෝ සඳහන් කරති. හිටපු ජනපතිනි චන්ද්කා බණ්ඩාරනායක පාලන ජනපකරජය සමයේ එක් පුද්ගලයකුට රුපියල් පනහ බැගින් දුන්නද දැන් සතයක්වත් ලබා නොදෙන බව ද කදවුරේ වසර 19ක සිට කදවුරේ ජීවත් වන බාල සුන්දරම් රාජේන්ද්‍රන් (62) පවසයි.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ නම හෙළි කිරීමට අකමැති නිලධාරියෙක් කීවේ පූත්තෝට්ටම් කදවුරේ පවුල්වෙත ආධාර ලබා දීමනවත්වා ඇති බවයි. කදවුරේ සිටි පවුල් රැසක් වවුනියා උතුරේ සහ සුදන්දිරම්පුරම් වල පදිංචි කළ බව ද, ඉතිරි පිරිසට ද නුදුරේ දී පදිංචි කරන නිසා සුබශාධන වැඩ නවත්වා ඇති බව ද ඔහු කීවේය.