Dileesha Abeysundara

රජීවා, මඩකළපුවේ රළු මුහුද දෙස බලා සිටියේ වික්‍ෂිප්තභාවයෙනි. ඇගේ සිත තුළ සිය පවුලේ අනාගතය පිළිබඳ දහසකුත් එකක් බලාපොරොත්තු තෙරැුපෙමින් තිබිණි. මව, පියා, සහෝදර සහෝදරියන් පිළිබඳ මතක අලූත් වෙමින් සිත කීරි ගැසෙද්දී ඇගේ දෙසවනට සිය මව වන රාජ්කුමාරි ගේ හඬ ඇසෙන්නට වූයේ දෙදෙනා ගේ ම උණුහුම් කඳුළු දෝරේ ගලා යද්දී ය.

ඇයට ඇගේ සැමියා වන සුරේන්ද්‍ර කුමාර් සහ දරු දෙදෙනාත් සමඟ මාරාන්තික මුහුදු ගමනක යෙදෙමින් ඕස්ටේ‍්‍රලියාව බලා යෑම නවතා දමන්නට සිදුවන්නේ රජීවා ගේ මව ගේ මැදිහත් වීමෙනි. ‘තියෙන දේපළක් විකුණලා හරි අපි ජීවත් වෙමු, මේ ගමන යන්නට එපා’ යැ යි පැවසූ රාජ්කුමාරි ගේ වේදනාව ඉවසාගත නොහැකි රජීවා බලාපොරොත්තු සිතේ සිරගත කරගෙන යළි නිවෙස බලා එන්නී ය.

එහෙත් රාජ්කුමාර්ටත් නොදන්වා රජිවා සිය පවුල සමඟ ඕස්ටේ‍්‍රලියාව බලා බෝට්ටුවෙන් යෑමට නැවතත් පිටත් වන්නී කිසිදින ආපසු නොඑන්නී ය.
යුද්ධය නිසා අතුරුදන් වූවන් හැරෙන්නට ලංකාව තුළ අවධානයට ලක් නො වූ අතුරුදන් වූ පුද්ගලයන් විශාල ප‍්‍රමාණයකි. ඕස්ටේ‍්‍රලියාව බලා යැමට ගොස් රළු මුහුදේ ජීවිත පරදුවට තබන්නවුන් ගෙන් නැවත ජීවිතය ලැබිමේ වාසනාව හිමි ව ඇත්තේ අතළොස්සකට ය.

ඕස්ටේ‍්‍රලියාව බලා මුහුදෙන් යෑමට උත්සාහ කළ දකුණු ඉන්දියාවේ සරණාගතයන් ලෙස සිටි 1,200කට වැඩි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් මියගොස් ඇතැ යි දකුණු ඉන්දියාවේ ඕස්ටේ‍්‍රලියා කොන්සල් ජෙනරාල් සීන් කෙලී ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට ප‍්‍රකාශ කර තිබුණේ ඉකුත් ජනවාරි 22 දාය. මේ මරණ වාර්තා වන්නේ 2008-2013 කාලය තුළ ය. ඒ අතරින් වැඩි පිරිසක් දෙමළ සරණාගතයින් ය. අනවසර මුහුදු ගමන් හේතුවෙන් ලංකාවේ ද විශාල පිරිසක් ජීවිතක්‍ෂයට සහ අතුරුදන්වීම්වලට ලක්ව තිබෙන නමුත් ඒ පිළිබඳ නිශ්චිත වාර්තා නොමැත. 2013 මැයි 22 වැනිදා මුල්ලෙයිවයික්කාල්, පුදුකුඩුඉරිප්පු, කිලිනොච්චි, වවුනියා, සහ යාපනයේ බෝට්ටු මගීන් ද නංවාගෙන ගිය බස් රථයේ රජීවාත්, ඇගේ සැමියා වන සුරේන්ද්‍ර කුමාරි, දියණිය හා පුතු ද වූහ. පළමුවර ඕස්ටේ‍්‍රලියාවට යෑමට සූදානම් වූ ගමන මවගේ ආයාචනය නිසා නවතා දැමුව ද මෙවර නම් රජීවාත් සුරේන්ද්‍රත් සිටියේ ඕස්ටේ‍්‍රලියාවට ගොඩබැසීමේ දැඩි අභිප‍්‍රායකිනි. ඒ අනුව කිලිනොච්චියේ සිටි මවටත් නොදන්වා හොර රහසේ මඩකළපුවට පැමිණි ඈ මවට දුරකථන ඇමැතුමක් ලබා දෙමින් ඕස්ටේ‍්‍රලියාව බලා සිය පවුල පිටත්වන බවත්, නිවෙසට පැමිණෙන නියෝජිතයාට රුපියල් ලක්‍ෂ 5ක මුදලක් ලබාදෙන ලෙසත් දැනුම් දී තිබේ. පසුදින පැමිණි නියෝජිතයෙකු ඒ මුදල ලබාගත් අතර, ඒ මුදල් රජීවා ගේ සීයා නිවෙසේ රත‍්‍රන් බඩු උකස් තබමින් සහ ණය වශයෙන් අසීරුවෙන් සොයා ගත් මුදලකි.

රජීවාගේ අවසන් දුරකථන ඇමතුමින් පසු ඇගේ හෝ සැමියා ගෙන් කිසිදු තොරතුරක් රාජ්කුමාරිට ලැබුණේ නැත. වවුනියා පොලීසියට පැමිණිලි කළ ද කිසිවක් සිදු වී නැත. මේ සම්බන්ධයෙන් ඇය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, ජාත්‍යන්තර සංක‍්‍රමනිකයන් පිළිබඳ කාර්යාලය, වැනි ජාත්‍යන්තර සංවිධාන මෙන් ම උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් ඇතුළු දෙමළ මන්තී‍්‍රවරුන් ද හමු වී දැනුම් දී ඇති අතර මේ දක්වා විවිධ වගකිවයුතු තැන්වලට ලියූ ලිපි 20කට අධික ය.

එහෙත් අද වන තෙක් දියණිය ගේ පවුල පිළිබඳ ව හෝඩුවාවක් නැති සොවින් රාජ්කුමාරි ගේ මව හඬා වැළපෙන්නී ය. රාතී‍්‍රයට නින්ද නොයන, ඈ නිදි පෙති පානය කරයි. සැමියා වකුගඩු දෙක ම නරක් වී හදවත් අමාරුවෙන් ද පෙළෙයි. අනේකවිධ ජීවන ගැටලූ මධ්‍යයේ දියණිය ගේ පවුල ගැන හෝඩුවාවක් ලැබෙන තුරු ඇයත් සැමියාත් බලාසිටින්නී ය.

‘‘මේකට උත්තරයක් ලැබුණේ නැතිනම් අපි ජීවත් වෙලත් වැඩක් නැහැ. දුව දෙවැනි වතාවටත් මේ විදිහට ගියේ අපේ අගහිඟකම් දරාගන්න බැරි නිසයි. මගේ මහත්තයත් රැුකියාවක් කරන්නෙ නැහැ. දැන් අපේ පවුල බලාගන්න ඉන්නෙ මගේ බාල දුවයි එයාගේ සැමියයි විතරයි’’.
රාජ්කුමාරිට දරුවන් තිදෙනෙකි. ඇගේ 22 වියැති පුතු 2012 දී බෝට්ටුවෙන් ප‍්‍රංශයට ගොස් සිටියි. අතුරුදන්ව සිටින දියණියගේ සැමියා වන සුරේන්ද්‍ර මස්සිනාගේ සාර්ථක වූ ගමනින් පසුව කෙසේ හෝ කැනඩාවට යෑම සඳහා බෝට්ටු මඟින් ගොස් දකුණු අපි‍්‍රකා මුහුදු තිරයේ දී අත්අඩංගුවට පත් ව එරට බන්ධනාගාරයක මාස 03 ක කාලයක් ගත කර ඇත.

ජෙගදීෂ්වරී අම්මාගේ එක ම පුතු සහ සැමියා අතුරුදන් වන්නේ 2013 මැයි 22 දා යැමට නියමිත ව තිබූ මුහුදු ගමනකට පිටත්ව ගිය පසුව ය.
‘‘පුතාගේ යාළුවෙක් කිසිම ප‍්‍රශ්නයක් නැතිව ඕස්ටේ‍්‍රලියාවට ගිහින් හිටියා. පුතාටත් එහෙට එන්න කියලා නිතරම කෝල් කරනවා. පුතාට යන්න ඕනම කිව්වා. මට ඉන්නෙ ගෑනු දරුවො හතර දෙනයි, එකම පුතයි විතරයි. මගේ දුවෙකුට ලන්ඩන්වලින් විවාහ යෝජනාවක් ඇවිත් විවාහ ගිවිසගෙනයි හිටියේ. අපිට මුදල් හොයාගන්න ඕනකමත් තිබුණු නිසා මන්නාරම ගරාජයක වැඩ කරපු මගේ මහත්තයාව එක්කගෙන ආවා පුතා එක්ක යවන්න. පුතාව ඇරලවලා එන්නයි එයා ගියේ. 2013 මැයි 21 ? ති‍්‍රකුණාමලයට ගිහින් දෙන්නවම ඇරලලා ආවා. පහුවදා උදේ යන්න හිටියත් උදේ 7.30ට විතර පුතා කෝල් කරලා කිව්වා අපිව තාම යවලා නැහැ කාමරයක දාගෙන ඉන්නවා කියලා. ඒජන්ට්ට දුව කතා කළහම කිව්වා අපි කෑම දෙනවා හවස තමයි යන්නෙ කියලා. හවස පුතා වෙන කෙනෙක්ගේ දුරකථනයකින් කතා කරලා කිව්වා තව ටිකකින් පිටත් වෙනවා කියලා. ගමනෙ වියදම ලක්‍ෂ 2 1/2 යි. රු.50,000ක අත්තිවාරමක් ගෙවලයි තිබුණේ. ඒජන්ට් කතා කරලා ඉතිරි සල්ලි ඉල්ලූව නිසා මගේ රත‍්‍රන් බඩු තියලා සල්ලි හොයාගෙන ගිහින් ්‍යභඊ එකවුන්ට් එකකට දැම්මා. ඉන් පස්සෙ පුතා ගෙන්, හෝ මහත්තයා ගෙන්, කිසිම තොරතුරක් නැහැ. පිටරට දුරකථන ඇමතුම් කිහිපයක් ආවා. ඒවායේ පටිගත කිරීම් විතරයි ඇහුණේ.’’

නීති විරෝධී ගමනක් නිසා ඇය සිය පුතු සහ සැමියා අතුරුදන්වීම පිළිබඳ ව පොලීසියට දැනුම් දුන්නේ නැත. එහෙත් වවුනියාව ජාත්‍යන්තර රතු කුරුස සංගම් කාර්යාලයට සහ ජාත්‍යන්තර සංක‍්‍රමණිකයන් පිළිබඳ කාර්යාලයට දැනුම් දී තිබේ. ඩිලක්‍ෂන් නමැති හොර ඒජන්සිකරු පසු ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබුණු තවත් පැමිණිලි හේතුවෙනි. එහි දී ඔහු පවසා ඇත්තේ බෝට්ටුව මුහුදේ දී පෙරැුළුණු බවකි.
සමෘද්ධිය අපේක්‍ෂාවෙන් බෝට්ටුවට නැගීම නිසා ශෝචනීය ඉරණමකට මුහුණ දුන් පුද්ගලයන් අද සිටින්නේ ගින්දරිනි. ඇතැම් පවුල්වල අය තම පවුල්වල සාමාජිකයෝ මුහුදු රකුසාට බිලි වී ඇතැයි සිතන්නට මැළිකමක් දක්වති. තවත් අය පවසන්නේ මියගියා ද නැද්ද යන්න නිශ්චිත ව දැනගත හැකි නම් හිත හදාගෙන ජීවත් වන්නට හැකි බවකි. රාජ්කුමාරි, රාජේෂ්වරි වෙසෙන වේපන්කුලම් පමණක් නොව උතුරේ තවත් පුද්ගලයන් බොහෝ දෙනෙකු පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් නැත. ඕමන්තේ, පාලමොටෙයි ග‍්‍රාමයේ සංචාරය කළ අපට එවැනි පවුල් කිහිපයක්ම මුණගැසුණි.
අම්මාගේ පුතු ලේලිය සහ සරුජා, සෞම්‍යා, සන්ධ්‍යා, කුඩා දියණියන් තිදෙනා ඕස්ටේ‍්‍රලියාව බලා යාමට නිවෙසින් පිටත් වන්නේ 2013 ජූලි 15 වැනිදා ය. මඩකළපුවෙන් බෝට්ටුවට නගින්නට නියමිත ව සිටි අතර, දින 3 කට පසුව නිවෙසට ඇමතුමක් දෙන නියෝජිතයා පවසා ඇත්තේ ඔවුන් ආරක්‍ෂිතව පිටත් වූ බවකි. එහෙත් පවුලේ කිසිවෙකුටත් ඉන් පසුව ඔවුන්ගෙන් ඇමතුමක් ලැබී නැත.

මේ ගමන සඳහා නියෝජිතයාට ඔවුන් ගෙවන ලද මුදල රුපියල් ලක්‍ෂ 30 කි.

අද මවත්, පියාත් බලාගන්නේ ඔවුන් ගේ තවත් පුතෙකු සහ ඔහුගේ පවුලයි. ඔවුන් පවසන අන්දමට ධීවර වෘත්තියේ යෙදෙමින් අසීරුවෙන් සොයාගත් මුදල් පුතුගේ මෙම ගමන සඳහා යෙදවූ බවයි. බිය නිසා ඔවුන් පොලීසියට මේ පිළිබඳ ව පැමිණිලි කර නොමැත. නැවත පුතු හා පවුල දැක ගැනීමේ ආශාවෙන් මව, පියා සහ සොහොයුරො ඔවුන් පැමිණෙන තෙක් බලා සිටිති.

අනවසරයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට උතුරේ දමිළ වැසියන්ට ප‍්‍රධාන කාරණා දෙකක් බලපා තිබේ. පැවති යුදමය වාතාවරණයට පෙර සහ පසුව එල්.ටී.ටී.ඊ සැකකරුවන් වශයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මුහුණ දී සිටින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජීවිත අවදානමට ලක් කරමින් මෙවැනි මුහුදු ගමන්වලට ඔවුන් යොමු වී තිබේ.

අවදානම් මුහුදු ගමන්වලින් අතුරුදන් වූ අය මෙන් ම යළි ඕස්ටේ‍්‍රලියාවට ගොස් එරටේ මුහුදු සීමාව තුළ අත්අඩංගුවට පත් වූ අය ද සිටිති. ඕමන්තේ, මාදර්පනිකර්මයිලම්කුලම්, නැමති ග‍්‍රාමයේ වෙසෙන එළවළු ගොවියකු වන වන්නිය සිංහම් ජුහාන්දන් 2013 දී ඕස්ටේ‍්‍රලියාව බලා හම්බන්තොටින් පිටත්ව ඇති අතර, බෝට්ටුව පෙරැුළී ගොස් අන්දමන් ¥පතේ පොලිස් අත්අඩංගුවට පත් ව වසරක් අන්දමන් දුපතේ සිරගත ව සිට ඇත.
‘‘දවස් 12කට විතරයි බෝට්ටුවේ කෑම වතුර තිබුණේ. බෝට්ටුව කැඩිලා ඒකෙම එල්ලිලා 21 වැනි දවස වෙද්දී පොලිස් අත්අඩංගුවට පත් වුණා. මීගමුව අධිකරණයේ තවමත් නඩුව විභාග වෙනවා. අපිව ගෙන ගිය අයට කිසිම කරදරයක් නැහැ. අපි තවම නඩු කියනවා.’’
ජුහාන්දන් පවසන්නේ මුහුදු ගමනට රුපියල් ලක්‍ෂ 8ක් ගෙවූ බවකි. මුලින් ලක්‍ෂ 4කුත් මුහුදු සීමාව ඉක්මවීමෙන් පසුව තවත් ලක්‍ෂ හතරකුත් ගෙවා ඇත. ශියාන්දන් යුද්ධය නිසා ආබාධිත වූවෙකි. ඔහු මෙම ගමනට සම්බන්ධ වී ඇත්තේ ද ආබාධිතයෙකු ලෙසයි.

ඕමන්තෙයි, කට්ටෙයිකාඩු ධීවර ගම්මානයේ වෙසෙන ධීවරයන් දෙදෙනෙකු වන රෙජිමන් ජිමා සහ වෛද්‍යලිංගන් ලිංගරාජන් 2013 වසරේ දී බෝට්ටුවෙන් ඕස්ටේ‍්‍රලියාව බලා ගොස් සරණාගතයන් ලෙස ඕස්ටේ‍්‍රලියානූ ¥පත්වල මාස 22ක් රඳවා සිට ඇත. රෙජිමන් ඉන්දුනීසියාවට ගොස් එතැනින් ඕස්ටේ‍්‍රලියාව බලා ගොස් ඇති අතර වෛද්‍යලංගම් ලිංගරාජන් රුපියල් ලක්‍ෂ 12 ක මුදලක් ගෙවා හම්බන්තොටින් බෝට්ටුවෙන් ගමන් කර අන්තර්ජාතික මුහුදු සීමාවේදී බෝට්ටුව කැඞී යාම නිසා අනතුරට භාජනය වී තිබේ. එම බෝට්ටුවේ 68 දෙනෙකු සිට ඇති අතර ගැබිනි කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ.
‘‘අපිව බේරගන්න කියලා කෑ ගැහුවා. ඕස්ටේ‍්‍රලියාවේ නාවික හමුදාවෙන් අපිව බේරාගත්තා. මුලින්ම කි‍්‍රස්මන් ¥පතේ දවස 45ක් ඉඳලා පසුව නිව්ගිණ්යාවල මැනුස් ¥පතට අරගෙන ගියා. එම කඳවුරුවලදී අපිට සැලකුවේ සත්තුන්ට වගේ. මිනිස්සු දරුණු මානසික හිංසනයන්ට පත්වෙලා හිටියා. සමහරු ඇඳුම් නැතුව ඇවිදිනවා. 2014 දී කඳවුරුවල අය දරුණු උපවාසයක් කළා. 2015 දී ඉරාන ජාතිකයෙක් ඕස්ටේ‍්‍රලියානු ආරක්‍ෂකයන් විසින් ඝාතනයට ලක් කෙරුණ නිසා අයිතිවාසිකම් ඉල්ලමින් තවත් උද්ඝෝෂණයක් තිබුණා. මේ ¥පත්වල මත්ද්‍රව්‍ය ගණිකා වෘත්තීය ලොකුවට වෙනවා. අපිත් මානසිකව සෑහෙන වැටිලයි හිටියේ. අපිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දෙන්න කියලා අපි ඉල්ලූවා.’’
ලිංගරාජන් පැවසී ය. ඔවුන් දෙදෙනාම මානසික අවපීඩනයෙන් පෙළෙන බවක් දක්නට ලැබුණි.
නීති විරෝධී කි‍්‍රයාවන් නිසා සමහර පවුල් පොලීසියට හෝ වගකිව යුතු ආයතනවලට දැනුම් දෙන්නේ නැත. අතුරුදන් වූවන් ගෙන් කී දෙනෙකු ජීවත්ව සිටී ද යන්න දන්නේ ඕස්ටේ‍්‍රලියානු රජය පමණි.

අතුරුදන්ව ඇති අයගේ ඇතැම් පවුල් පොලිසියට පැමිණිලි කළ බව පවසන නමුත් කිසිදු තොරතුරක් ලැබී නැත.
වවුනියාව පොලීසියේ ඉහළ පෙළේ නිලධාරියෙකු සඳහන් කළේ 2014 සිට මේ දක්වා අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලීසිය වෙත ලැබී නොමැති බවයි. අනවසර මුහුදු ගමන් සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නෙත්, විමර්ශන සිදුකරන්නෙත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිසා පොලීසියේ අත්අඩංගුවට පත්වන පුද්ගලයන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව ඔහු සඳහන් කළේ ය.
ඕස්ටේ‍්‍රලියාව බලා යන මුහුදු ගමන් මේ වන විට බොහෝ දුරකට අඩු වීමට හේතුව නාවික හමුදාව තදින් කි‍්‍රයාත්මක වීම බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ශී‍්‍ර ලංකා නාවුක හමුදා වාර්තාවලට අනුව 2009-2015 දක්වා මුහුදු මඟින් ඕස්ටේ‍්‍රලියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් 4487 දෙනෙකු සමඟින් ධීවර බෝට්ටු 83ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් පසුගිය 2015 වසරේ දී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පුද්ගලයන් 82 ක් සමඟ බෝට්ටු දෙකක් පමණි. හම්බන්තොටින් සහ කිරින්දෙන් එම බෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවට අනවසර සංක‍්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඕස්ටේ‍්‍රලියානූ රජය ආධාර උපකාර ලබාදීම නිසා අනවසර මුහුදු ගමන් බොහෝ දුරට අඩු වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක අක‍්‍රම් අලෙවි පැවසී ය.

‘‘ ඕස්ටේ‍්‍රලියානූ බුද්ධි අංශවල සහාය අපට ලැබී තිබෙනවා. නාවුක හමුදාව විසින් නිරන්තරව මුහුදු නිරීක්‍ෂණ සංචාර සිදුකිරීම මඟින් අනවසර සංක‍්‍රමණිකයන් අත්අඩංගුවට ගැනෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ පුද්ගලයන් පොලීසිය වෙත බාරදෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලබාදුන් වාර්තාවලට අනුව 2012 දී අනවසරයෙන් මුහුදු මඟින් රටින් පිටවීමට තැත් කළ පුද්ගලයන් 3553ක් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධීන් ගණන 72 කි. 2013 වර්ෂයේ දී සිද්ධීන් 36 ක්ද පුද්ගලයන් 1463ක් අත්අඩංගුවට ගෙන ඇත. 2014 දී අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන් සංඛ්‍යාව 248 ක් වන අතර සිද්ධීන් සංඛ්‍යාව 5 කි. 2015 දී සිද්ධීන් 3ක් සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් 123 ක් වාර්තා වේ.

මේ අනුව 2012 වසරට සාපේක්‍ෂ ව 2015 වසර වන විට අත්අඩංගුවට ගෙන තිබෙන ප‍්‍රමාණය 80% කින් පමණ පහත වැටී ඇත.
2014 ජනවාරි 01 පෙර ආසන්න වශයෙන් පුද්ගලයන් 30,500 ක් නීති විරෝධී ලෙස මුහුදු තීරයට ඇතුළු වී තිබෙන බව ඕස්ටේ‍්‍රලියානු ආගමන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

2015 දෙසැම්බර් 31 වැනිදාවන විට ඕස්ටේ‍්‍රලියානු ආගමනිකයන් රඳවා තැබීමේ මධ්‍යස්ථානවල පුද්ගලයන් 144 (8%* ක් ශී‍්‍ර ලාංකිකයන් ය. එහි ලාංකික දරුවන් දස දෙනෙකි.

ශී‍්‍ර ලංකාවේ නීතිඥවරයෙකු සහ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකු වන නීතිඥ ලක්‍ෂාන් ඩයස් මහතා සඳහන් කළ පරිදි ශී‍්‍ර ලංකාවේ ආගමන විගමන පනතෙහි 45 වන වගන්තිය අනුව නීත්‍යානුකූල නොවන වරායකින් පිටවීම හෝ මනුෂ්‍ය ප‍්‍රවාහනයට නුසුදුසු යාත‍්‍රාවකින් ගමන් කිරීම නීති විරෝධි ය. දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ මනුෂ්‍ය ප‍්‍රවාහනයට නුසුදුසු යාත‍්‍රාවකින් මිනිසුන් ගෙන යාම අනියම් අන්දමින් මිනිස් ජීවිත තර්ජනයට ලක් කිරීමකි. නිත්‍යානුකූල නොවන වරායකින් පිටවීමේ වරදට රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කිරීමට හැකි අතර සංවිධානය කළ පුද්ගලයන්ට දඩයට අමතර ව වසර 5 ක සිර දඬුවමක් ද නියම කළ හැකි බව ලක්‍ෂාන් ඩයස් මහතා පැවසී ය.

‘‘අතුරුදන් වු අය ඇත්තටම අතුරුදන් වී නැති වෙන්න පුළුවන්. ඔවුන් මලයාසියාවේ, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටක සිර කඳවුරක හෝ ඕස්ටේ‍්‍රලියානු ¥පත් කඳවුරුවල ඉන්න පුළුවන්. අතුරුදන් වූ පවුල්වල අය දන්නේ ඔවුන් ලංකාවේ නොමැති බව පමණයි. නමුත් ඇත්තටම ඔවුන්ට ලංකාව සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් නොමැති වෙන්න පුළුවන්. මෙම ප‍්‍රශ්නයේ දී ඕස්ටේ‍්‍රලියානු රජය සහ ශී‍්‍ර ලංකා රජය වගකීම් විරහිත ලෙස කි‍්‍රයා කරමින් සිටිනවා.

ඕස්ටේ‍්‍රලියාවේ මුහුදු සීමාවට ඇතුළු වන සෑම ජීවිතයක් ම ආරක්‍ෂා කිරීමට ඕස්ටේ‍්‍රලියාවට වගකීමක් තියෙනවා. ලංකාවෙන් ගිය කවුරු හෝ ඕස්ටේ‍්‍රලියාවට අයත් මුහුදු තීරයේ දී මියගොස් ඇත්නම් ඕස්ටේ‍්‍රලියානු රජය ඒ සඳහා වගකිව යුතුයි. ඕස්ටේ‍්‍රලියාව ලංකාවේ ආණ්ඩුවට සල්ලි දෙන නිසා උදව් කරන නිසා ලංකා ආණ්ඩුව කට පියාගෙන ඉන්නවා. ලංකාවේ ආණ්ඩුව කරන්නෙ ඕස්ටේ‍්‍රලියාවේ කොන්ත‍්‍රාත්තුවක්. අතුරුදන් වූවන් පිළිබඳව සොයා බලන පරණගම කොමිසන් සභා මගින් ද පෙන්වා දෙන්නේ මුහුදේ දී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුව නොමැති බවයි.
කෙසේ වුවද රජීවාගේ පවුලට අත් වූ ශෝචනීය ඉරණමට මුහුණදුන් පවුල්වල වේදනාව සමනය කළ හැකි වන්නේ අතුරුදන් වූවන් සම්බන්ධ සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමෙන් පමණී.